Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ සාමාජිකයන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (30) රාත‍්‍රී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
විදේශීය ක‍්‍රීඩකයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ජාත්‍යන්තර තරගාවලියේ පළමු අදියර අගෝස්තු මස 9 සහ 10 දෙදින කොග්ගලදී ද, එහි දෙවැනි සහ අවසන් අදියර අගෝස්තු මස 15 සහ 16 දෙදින කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වර්තමාන සාමාජිකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු නායක නාමල් රාජපක්‍ෂ සහ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරු ඇතුඵ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
සනත් ජයසූරිය සහ ඇන්ජලෝ මැතිව්ස් ඊස්ටන් ඊගල්ස් සහ සදර්න් ශාක්ස් යන කණ්ඩායම්වලට සමරු තිළිණ ප‍්‍රදානය කළ අවස්ථා.
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.