Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම් දෙකේ නායකයන් වන තරින්ද රත්වත්තේ (වමේ) සහ සෙනාල් දීලක ද සිල්වා (දකුණේ) ශූරතා කුසලාන සමඟ.
වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ප‍්‍රබල ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කැන්ඩි රෙඞ්ස් පිල සහ කලම්බු බ්ලූස් පිල අතර රග්බි තරගය මේ මස 26 වැනිදා පස්වරු 4.30 සිට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. පාසල් රග්බි සංගමයේ සහයෝගයෙන් සංවිධානය කරන මෙම තරගයේ කණ්ඩායම් දෙකට මෙවර ලීග් තරගාවලියේදී දස්කම් දැක්වූ මහනුවර සහ කොළඹ පාසල්වල ප‍්‍රබල ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
කොළඹ ඉසිපතන විදුහලේ සෙනාල් දීලක ද සිල්වා කලම්බු බ්ලූස් පිලේ නායකයා ලෙස ද, මහනුවර ත‍්‍රිත්ව විදුහලේ තරින්ද රත්වත්තේ කැන්ඩි රෙඞ්ස් පිලේ නායකයා ලෙස ද කටයුතු කරති.
ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙම තරගයේදී තෝරා ගැනීමට නියමිතය. මීට පෙර මෙම තරගය 2010 සහ 2011 වසරවලදී පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ වසර දෙකක විරාමයකින් පසුවීම කැපී පෙනේ.
ඩයලොග් ආසියාටා සමාගම මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස කටයුතු කරන අතර එම සමාගමේ වෙළෙඳ නාම සහ මාධ්‍ය අංශ ප‍්‍රධානී හර්ෂ රාමනායක මහතා පවසන්නේ පාසල් රග්බි තරගයේදී සෑම වයසකම රග්බි ලෝලීන්ට තමන් අධ්‍යාපනය ලැබූ පාසල වෙනුවෙන් ජයඝෝෂා නැගීමට ලැබෙන මහගු අවස්ථාවක් බවත් මෙරට දෙවැනි ප‍්‍රධානතම ක‍්‍රීඩාව ලෙස සැළකෙන රග්බි ක‍්‍රීඩාවේ ඉතාමත් තියුණු තරගයක් බවට මෙය පත්වන බවට තමන් විශ්වාස කරන බවත්ය.
මෙම තරගය පිළිබඳව අදහස් දැක්වූ පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිටින ක‍්‍රීඩකයන්ට දස්කම් දැක්වීමට මෙම තරගය ඉතාමත් හොද අවස්ථාවක් බවයි.
මෙම තරගයේ සම අනුග‍්‍රහකයා ලෙස බකිංහැම්ෂයර් නිව් යුනිවර්සිටි සමාගම කටයුතු කරයි. Yes FM ගුවන් විදුලි නිල ගුවන් විදුලිය ලෙස ද, ‘ඬේලි මිරර් ඔන්ලයින්’ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ද, ‘කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ස්’ නිල රුපවාහිනිය ලෙස ද මෙහිදී කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.