Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැනූයින් - කයාක් ආසියානු ශූරතාවලියට යති

කැනූයින් - කයාක් ආසියානු ශූරතාවලියට යති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන කැනූයින් සහ කයාක් ආසියානු ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා උස්බෙකිස්තානයේ සමර්කාන්ද් නුවර බලා පිටත්ව ගියේය.

වයස 18න් පහළ ‘කයාක්’ තරගාවලිය සඳහා නවෝද් ප්‍රනාන්දු සහ කෙවින් ලියෝ ඉදිරිපත්ව සිටිති. නවෝද් ප්‍රනාන්දු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවකු වන අතර කෙවින් ලියෝ තලවතුගොඩ ෂ ගේට් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

වයස 23 න් පහළ ‘කැනූයින්’ තරගාවලිය සඳහා විසුල්මිණ සුබසිංහ සහ සම්පත් දේශප්‍රිය සහභාගි වෙති. විසුල්මිණ සුබසිංහ සහ සම්පත් දේශප්‍රිය දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරති.

කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ශ්‍රී ලංකාවේ ‘කයාක් සහ කැනූයින්’ සංගමයේ සභාපති ප්‍රීති පෙරේරා මහතා සහභාගි වන අතර බලඝණ නායක නලීන් පීරිස් මහතා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් කටයුතු කරයි.

තරගාවලිය මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වේ.

 


අදහස් (0)

කැනූයින් - කයාක් ආසියානු ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.