Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැවල්රි සුපර් ක්‍රොස් ජූනි 12

කැවල්රි සුපර් ක්‍රොස් ජූනි 12

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සමග එක්ව හයවැනි වරටත් සංවිධානය කරන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූනි මස 12 වැනිදා උදෑසන 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

‘සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2016’ තරගාවලි මාලාවේ පළමු තරගාවලිය මෙය වන අතර ඒ සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

අවසන් වරට පැවැති ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත් වූ අතර දක්ෂතම යතුරුපැදිධාවකයා බවට පත්වීමට ෂෙහාන් සී. අධිකාරි සමත් විය.

යුද්ධයේදී මියගිය පත්වූ සහ විවිධ ආබාධිත වූ සන්නහ සන්නද්ධ බළකායේ සෙබළුන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

සියැට් කැලණි සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ලිට්‍රො ගෑස්, සයින් ටෙක්, සිංගර්, කොමාර්ෂල් ක්‍රෙඩිට්, රංජනාස්, හොණ්ඩා, අලියා බීම යන සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

ශෙහාන් සී. අධිකාරි (ඉදිරියෙන්) සමග ගයාන් සඳරුවන් තරග වදිමින්... 
ඡායාරූපය - ශානුක අරවින්ද

අදහස් (0)

කැවල්රි සුපර් ක්‍රොස් ජූනි 12

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.