Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුලසේකර යළි එක් වෙයි

කුලසේකර යළි එක් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය සඳහා නුවන් කුලසේකර ශ්‍රී ලංකා පිලට එක්ව සිටී.

පාදයේ ආබාධයක් නිසා දෙරට අතර පැවති එක් දින තරගාවලියට නුවන් කුලසේකර කී‍්‍රඩා නොකළේය.

කුලසේකරට අමතරව ඇන්ජලෝ පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්ද විස්සයි 20 සංචිතයට ඇතුළත්ව සිටිති.
තරගාවලියේ පළමු තරගය හෙට (2 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණලයේදී පැවැත්වේ. දෙවැනි සහ තුන්වැනි තරග මේ මස 4 සහ 6 දිනවලදී සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්

 


අදහස් (7)

කුලසේකර යළි එක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.