Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය අතරතුරදී සෙසු තරගකරුවන්ට අවහිර වන අයුරින් සිය මෝටර් රථය හැසිරවූ බවට චෝදනා කරමින් එම තරගය ජයගත් කුෂාන් පීරිස්ට එරෙහිව ලිඛිත විරෝධතාවක් ඉදිරිපත් කිරීමට රජිත් උළුවිට, සුසන්ත ගුණවර්ධන, රොමේෂ් ගුණවර්ධන සහ රන්දික නිරෝෂන් යන කී‍්‍රඩකයෝ කටයුතු කළහ.
තරගාවලිය සංවිධානය කළ කී‍්‍රඩා සමාජය වන ශ්‍රී ලංකා යතුරපැදි කී‍්‍රඩා සමාජයේ ලේකම්වරයාට එම විරෝධතා ලිපිය භාරදීමෙන් අනතුරුව තරගාවලියේ අධීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටි මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ නියෝජිතයාටද ඔවුහු එම විරෝධතා ලිපියේ පිටපතක් භාරදුන්හ.
තරගාවලිය ආරම්භ කිරීමට පෙර රියදුරන් සහ යතුරුපැදිකරුවන් දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී තරගාවලි අධ්‍යක්ෂකවරයා විසින් පවසන ලද කරුණක් උල්ලංඝණය කරමින් කුෂාන් පීරිස් සිය මෝටර් රථය පැදවූ බවට චෝදනා කළද, ඒ මොහොතේදී ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට සංවිධායකයින් කටයුතු නොකිරීම නිසා විරෝධතාව ඉදිරිපත් කළ කී‍්‍රඩකයෝ දැඩි කණස්සල්ලෙන් පසුවූහ.
තරගකරුවන් 13 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේ ජයග‍්‍රාහකයින් 5 දෙනෙක් සඳහා කුසලාන පිරිනැමීමට නියමිතව තිබුණද, විරෝධතාවක් ඉදිරිපත් කර තිබියදී ඒ වෙනුවෙන් පියවරක් නොගෙන කුසලාන ප‍්‍රදානය කිරීමට තරග සංවිධායකයින් කටයුතු කිරීම නිසා කුෂාන් පීරිස් හැරුණුකොට සෙසු ජයග‍්‍රාහකයෝ තමන්ගේ ත්‍යාග ලබාගැනීමට පැමිණීමෙන් වැළකී සිටියහ.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා යතුරපැදි කී‍්‍රඩා සමාජයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ ඉදිරියේදී තරගාවලියේ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන කුෂාන් පීරිස්ට එරෙහිව ලැබී ඇති විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, යම් හෙයකින් කුෂාන් වැරදිකරු වුවහොත් ඔහුගේ ජයග‍්‍රහණය අවලංගු කරන බවත්ය.
නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පසුගිය සති අන්තයේදී පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.