Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිත්ව ජයග්‍රහණ වාර්තා කරමින් ‘කමාන්ඩෝ සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට කුෂාන් පීරිස් සමත් විය.
මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (16 වැනිදා) ඌව කුඩා ඔය ඌව, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණ.
ප්‍රබල තරගකරුවන් රැසක් පසුපසට ඇද දමමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් කුෂාන් පීරිස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්විය. මෙය කුෂාන් ප්‍රධාන පෙළේ සුපර් ක්‍රොස් තරගාවලියට දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වූ පළමු අවස්ථාවද විය.
කාල ගණනයට අනුව මෙම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානයට හිමිකම් කී කුෂාන් පීරිස්, එම වාසියත් සමගින් අදියර දෙකේම ජය තමන් සතුකර ගැනීමට සමත් විය. ප්‍රවීන ක්‍රීඩක අශාන් සිල්වා දෙවැනි ස්ථානයටත්, ඉකුත් වසරේ ජාතික මොටර් රථ ශූරයා වූ උෂාන් පෙරේරා තෙවැනි ස්ථානයටත් ඇද දමමින් පළමු අදියර ජයගත් කුෂාන්, දෙවැනි අදියර ජයගත්තේ නිෂාන් වාසලතන්ත්‍රි සහ කමල් ප්‍රසන්න පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත් කරමිනි.
සේරසිංහ පිය පුතු සුසංයෝගය පසුපසට ඇද දමමින් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමටද කුෂාන් පීරිස් සමත් වූයේ මෙම තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයකට හිමිකම් කී එකම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට ඉෂාරාක් වහබ් සමත් වූ අතර එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට වහබ් පවුලේ තවත් සාමාජිකයෙක් වන සකීර් වහබ් සමත් විය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට මාලික කුරුවිටාරච්චි සමත් වෙද්දී, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගයේ ජය දේවින් සේරසිංහ සතුවිය.
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්ව) මෝටර් රථ තරගයේ ජය දුමින්ද ජයසිංහ සතුවෙද්දී, රන්දික නිරෝෂන් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත්තේ ප්‍රවීන ක්‍රීඩක උපුල්වන් සේරසිංහ එහි දෙවැනි ස්ථානයට ඇද දමමිනි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 2 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය.
මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 එස්. ඒ. ලක්ෂිකා (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ
1 අජිත් කීර්ති (ඔටෝ බැක්ස් මිනි 1028)
2 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
3 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1050)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 දුමින්ද ජයසිංහ (ඔස්ටින් මිනි 1275)
2 නීල් වීරසිංහ (ඔස්ටින් මිනි 1275)
3 චානක රත්නායක (ඔස්ටින් මිනි 1275)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා 1300)
2 දේවින් සේරසිංහ (මැස්ඩා 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 සකීර් වහබ් (හොන්ඩා සිවික් 1600)
2 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා වී. ටෙක් 1600)
3 චමෝද් පෙරේරා (හොණ්ඩා ඊ. ජී. ඪෂ 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 මලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි 2200)
3 ධනුක වීරකෝන් (සුබාරු ලෙගාසි 2200)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී පෙජරෝ 3500)
2 කෞෂාල් සමරසිංහ (සුසුකි විටාරා 2000)
3 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී 2800)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 නිෂාන් වාසලතන්ත්‍රි (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 කමල් ප්‍රසන්න (මිට්සුබිෂී එවොලූෂන් 2000)
උෂාන් පෙරේරා |
අශාන් සිල්වා |
කුෂාන් පීරිස් |
මාලික කුරුවිටාරච්චි |
ඉෂ්රාක් වහබ් |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.