Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් - අජන්ත සැලසුමට ඇතුළත් වෙති

කුසල් - අජන්ත සැලසුමට ඇතුළත් වෙති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

 

ඉහිරුණු කිරට හැඞීම පසෙක තබා ඉදිරියේ එන තත්ත්වයන්ට මුහුණ දීම ඉටාගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත පිලට එරෙහිව හෙට (21 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන එක්දින තරගයට මුහුණ දීමට සූදානම් වී සිටී.


එහෙත් ලබන වසරේ මාර්තු මාසයේදී ආරම්භ වන විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ තිබෙන වි:20 තරග එකින් එක අඩුවී ගෙන යන බැවින් ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා සංචිතයේ සංයුතිය කවර ආකාරයේ විය යුතුද යන්න හැකි ඉක්මනින් සොයාගැනීමේ උත්සාහයකද ශී‍්‍ර ලංකා පිල නිරතව සිටී.


”පළමු තරගය පවත්වන්නට නොහැකි වීම අපට විශාල පාඩුවක්. දැන් ඉතිරි වෙලා තියෙන්නේ තරග 5 ක් විතරයි”


”ඒ නිසා මේ තරගය කොහොම හරි දිනන්න  ඕනෑ විතරක් නෙමෙයි කී‍්‍රඩකයන් කීප දෙනකු ගැනත් වැටහීමක් ඇතිකරගන්න  ඕනෑ” යයි පළමු තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව දිනේෂ් චන්දිමාල් පැවසීය.


පළමු තරගයට සූදානමින් අගහරුවාදා පස්වරු 5.15 ට පමණ කී‍්‍රඩාංගණයට පැමිණි කණ්ඩායම් දෙකටම සිදුවූවේ වැස්ස නතර කරන තුරු ඒ දිහා බලාසිටීමටයි. ඒ අතරවාරයේදී නවසීලන්ත කී‍්‍රඩකයන් තම තමන්ගේ විනෝදාංශ තෝරා ගත් නමුත් දිනේෂ් චන්දිමාල් කීවේ ශී‍්‍ර ලංකා පිලේ සාමාජිකයන්, සිය ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කළ තරග පිළිබඳ කතබස් කරමින් කිසියම් අධ්‍යයනයක නිරත වූ බවයි.


කෙසේ වෙතත් පළමු තරගය වර්ෂාවට සේදී යාමෙන් වූ අවාසිය කතාබහකින් මග හරවාගත නොහැකි බැවින් ඇතිවූ අවාසිය පුරවා ගැනීම කිසි සේත්ම කළ නොහැක.


ප‍්‍රතිවාදී පිලට සිතා ගැනීමටවත් කාලයක් නොතබා පන්දුව හතරේ සීමාවට යැවීමේ අපූරු හැකියාවකින් හෙබි කුසල් ජනත් පිළිබඳව ශී‍්‍ර ලංකා තේරීම් කමිටු නිලධාරීහු මහත් බලාපොරොත්තු සහගතව පසුවෙති. එහෙත් පන්දුව දුටු පමණින් එය හඹා යාමේ ඉවසුමක් නැති කුසල් බොහෝ අවස්ථාවන්හිදී නිරපරාදේ සිය කඩුල්ල අහිමි කරගනී.


එවන් කී‍්‍රඩකයකු අන්තර්ජාතික තරගයකට යොදවා එයින් ලැබෙන පීඩනයට හුරු කිරීම තේරීම් කමිටු නිලධාරීන්ගේ මෙන්ම කණ්ඩායම් කළමණාකාරීත්වයේත් අපේක්‍ෂාවයි.


ලබන වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන වි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි සිතන දිනේෂ් චන්දිමාල්, ඊට පෙර තවත් කී‍්‍රඩකයකු හෝ දෙදෙනනකු සොයාගත යුතු යයි පවසයි.


”කුසල් ජනිත් අති දක්‍ෂ කී‍්‍රඩකයෙක්. ඒත් ඔහුට තව තවත් අත්දැකීම්  ඕනෑ කරනවා”
”දේශීය තරග වලදී වගේම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙනුත් ඔහු හොඳ දස්කම් දක්වා තිබෙනවා. ඉතින් අප ලෝක කුසලාන තරගාවලියට ආසන්න වෙනකොට ඔහු දස්කම් අතර සිටියොත් ඔහු අපගේ තරග දිනවන්නනන් අතර ඉදිරියෙන්ම සිටීවි” යයිද චන්දිමාල් පැවසීය.


චන්දිමාල්ගේ මෙම ප‍්‍රකාශය අනුව අද තරගයේදී කුසල් ජනිත් පෙරේරාට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය. නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීත් කුසල් පෙරේරා මෙන්ම අජන්ත මෙන්ඩිස්ද ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත්ව සිටි නමුත් ඔවුන් දෙදෙනාටම එකම තරගයක් හෝ කී‍්‍රඩා කළ නොහැකි විය.


ඇතැම් අවස්ථාවන්හිදී දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන නමුත් අජන්ත මෙන්ඩිස්ද පහසුවෙන් අමතක කළහැකි කී‍්‍රඩකයකු නොවේ. ඇරත් විස්සයි/20 පන්දු යවන්නන්ගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරිම් අනුව, අජන්ත මෙන්ඩිස් සිටින්නේ තවමත් 3 වැනි  ස්ථානයේය.


කෙසේ වෙතත් මේ වන විටත් අංක 1 කණ්ඩායම වන හෙයින් තරගයේ පීඩනය ශී‍්‍ර ලංකා පිල වෙත වැටී තිබේ.


”පීඩනය කොහොම වුණත් කී‍්‍රඩකයන් ඉන්නේ විශ්වාසයෙන්”
”කාලගුණය අපට පාලනය කරන්න බෑ. ඒත් තරගය ජයගන්න පුළුවන් කියා විශ්වාසයක් අපට තිබෙනවා” යයිද චන්දිමාල් පැවසීය.


ශී‍්‍ර ලංකා වි:20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න, රමිත් රඹුක්වැල්ල, සුරංග ලක්මාල්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර


නවසීලන්ත වි:20 සංචිතය
කයිල් මිල්ස් (නායක), මිචෙල් මැක්ලීන්හැන්, ටොම් ලේතම්, ග‍්‍රාන්ට් එළියට්, ඇන්ඩෲ එලිස්, නේතන් මැකලම්, ඇන්ටන් ඩෙව්සිච්, කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆර්ඞ්, රොබ් නිකොල්, ජේම්ස් නීෂාම්, ලූක් රොන්කි, ඇඩම් මිල්න් සහ නීල් බෲම්


අදහස් (6)

කුසල් - අජන්ත සැලසුමට ඇතුළත් වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.