Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) අවසන් වූ පළමු තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ හතක් දැවී ලකුණු 498 ක් රැස්කරමින් ලකුණු 451 ක් ඉදිරියෙන් සිටියේය.
ශ‍්‍රී ලංකා එක්දින පිලේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් අගනා ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 139 ක දී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් තුනක් සමගින් ලකුණු 147 ක් රැස් කිරීමට සමත් විය. මෙහිදී කුසල්ගේ දැවැන්ත හයේ පහර තුන කැපී පෙනුණි.
අෂාන් ප‍්‍රියංජන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් හොද ප‍්‍රයෝජනයක් ගනිමින් පන්දු 112 කදී ලකුණු 103 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි ඉනිමේ දෙවැනි ශතකය වාර්තා කළේය. අෂාන්ගේ ඉනිම හතරේ පහර 16 අලංකාර විය. චතුරංග ද සිල්වා පන්දු 123 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් ලබා සිටියදී තරගය අවසන් විය.
කුසල් ජනිත් සහ අෂාන් ප‍්‍රියංජන් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.
ටෙස්ට් පිතිකරු කිත්රුවන් විතානගේ පන්දු 77 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 70 ක් රැුස්කරමින් දිවා විවේකයෙන් පසුව පිටියෙන් ඉවත් විය. කුසල් ජනිත් සහ කිත්රුවන් විතානගේ සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 145 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
නියමිත පරිදි පෙරවරු 9.45 ට තරගය ආරම්භ වුවද වර්ෂාව හේතුවෙන් පෙරවරු 10.50 ට පමණ තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ තුනක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය. දිවා විවේකයෙන් පසුව නැවතත් පස්වරු 12.55 ට පමණ තරගය ආරම්භ විය.
දෙරට අතර දෙවැනි සහ අවසන් සිවුදින තරගය මේ මස 23 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
(ඡයාරූපය : ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.