Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් ජනිත් අභීත පිතිහරඹයක

කුසල් ජනිත් අභීත පිතිහරඹයක

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැසිබර කාලගුණික තත්ත්වයෙන් නිසි ප‍්‍රයෝජන ගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලේ පන්දු යවන්නන් කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු පෙළ තරගයේ තුන්වැනි දිනය වන අද ලකුණු 170 කදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායමේ කඩුලූ 9 ක් දවාගැනීමට සමත් වූ නමුත් ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ අභීත පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 150 ක් ලබාගත්තේය.

වේග පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයන් තිබියදීත් ඊයේ සවස කරමින් සිටි පිතිහරඹය තවදුරටත් ඉදිරියට ගෙන ගිය කුසල් ලකුණු 150 ක් ලබා ගත්තේ පන්දු 142 කට මුහුණ දෙමිනි. කුසල්ගේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.

අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට වඩා තවමත් ලකුණු 276 ක් පසුපසින් සිටී. එබැවින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානමෙන් සංවර්ධන සංචිත කණ්ඩායම තවමත් මිදීනැත.
ඊයේ සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 129 ක් ලබා සිටියද අද දිනයේ තරගය ආරම්භ වීමත් සමගම ෂෙහාන් ජයසූරිය ලකුණු 56 කට දැවී ගියේය. එතැන් සිට තරගය ග‍්‍රහණය කරගත් වේග පන්දු යවන්නෝ විනාඩි 90 ක් තුළ ලකුණු 72 කට කඩුලූ 5 ක් බිම දැමූහ.

අද පෙරවරුවේදී කොළඹ පැවැති වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය ආරම්භ කිරීම පස්වරු 12.00 දක්වා කල් දමන ලද අතර දිවා ආහාර විවේකය පස්වරු 1.30 ට ලබාගැනිණ. සවස් වරුවේදීත් වර්ෂාව නිසා තරගය අතරමග නතර කර නැවත ආරම්භ කරන ලදි.

හෙට තරගයේ අවසන් දිනයයි

ලකුණු පුවරුව


අදහස් (0)

කුසල් ජනිත් අභීත පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.