Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස මස 13 වැනිදා පෙබරවාරි මස 6 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මේ වන විට ටෙස්ට් තරග 13 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 657 ක් ලබා සිටින කුසල් පෙරේරා, අවසන් වරට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් වසරේ (2018) ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය. ඉන් අනතුරුව විවිධ ආබාධයන්ට ලක්වීම නිසා ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය.
ඉකුත් වසරේදී කුසල් සහභාගි වූ එකම ටෙස්ට් තරගාවලිය ලෙසද කොදෙව් තරගාවලිය හැදින්විය හැකි අතර එහිදී තරග 3 ක ඉනිම් 6 ක් තුළ ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 92 ක් පමණි. එහි සාමාන්‍ය 18.4 ක අගයක් ගනී. එම තරගාවලියේදී ඔහුගේ ලකුණු රැස්කිරීමට සටහන් වන්නේ 0, 12, 32, 20, 0 සහ නොදැවී 28 ක් ලෙසිනි.
කුසල්ගේ ආගමනයත් සමග නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවී තිබේ. එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස ආසාර්ථක වූ ධනුෂ්කට තරග 2 කදී ඉනිම් 4 ක් තුළ රැස්කරගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
මේ අතර නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කලවේ ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස්, තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොමැති බැවින් මෙම තරගාවලියේදී ඔහු විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම ආබාධය හේතුවෙන් ඔහුට නවසීලන්යට එරෙහිව පැවැති එක්දින තරගාවලියද අහිමි විය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා බි්‍රස්බේන්හිදීද, දෙවැනි තරගය පෙබරවාරි මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කැන්බරාහිදීද පැවැත්වීමට නියමිතය.
එම තරග 2 ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායමට එරෙහිව තෙදින පුහුණු තරගයකටද සහභාගි වනු ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.