Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් මෙන්ඩිස් සැලසුම් සහගත ආක්‍රමණයක
ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය

කුසල් මෙන්ඩිස් සැලසුම් සහගත ආක්‍රමණයක

editorial - 2022 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව මේ යයි කදිමට පෙන්වා දුන් කුසල් මෙන්ඩිස් (79) ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ, ජීලෝන්ග්හිදී අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව, ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්හ. සිය 9 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ට විශිෂ්ට සහයෝගක් දුන් චරිත් අසලංක සහ භානුක රාජපක්‍ෂ මෙම ශක්තිමත් ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

8 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 42 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට සෑම ඕවර දෙකකටම වරක් 60/2, 78/2, 96/2, 119/3, 138/4 සහ 162/6 ක් ලෙසින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනස් විය. 

මෙන්ඩිස්ගේ පන්දු 44 ඉනිම, හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඔහුගේ හයේ පහර 5 ම හතරේ සීමාව වඩාත් ආසන්නයෙන් පිහිටි ලෝන්ග් ලෙග් කලාපයට ඉහළින් විය. එය සැලසුම් සහගත ආක්‍රමණයකි. 

මෙන්ඩිස් සහ පැතුන් නිස්සංක දෙදෙනා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මොහොතක, පෝල් වැන් මීකර්න් පිට පිටම යැවූ පන්දු දෙකකින් පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිලට හදිසියේම අමාරුවේ වැටුණේය. වැන් මීකර්න්ගේ කඩුලු ත්‍රිත්වය වැළැක්වූ චරිත් අසලංක, එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට ධෛර්යයත් ජවයත් එන්නත් කරමින් ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කිරීම ආරම්භ කළේය. 

තම තුන්වැනි හයේ පහරින් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් ඒ සමගින්ම ලකුණු 100 කඩයිමෙන් එපිටට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලු කරන අතරේ භානුක රාජපක්‍ෂ සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වෙමින් සිටියේය. භානුකට මෙන්ම චරිත් අසලංකටත් වඩාත් දිගු ඉනිම සඳහා යාමේ පහසු හැකියාවක් තිබුණද දෙදෙනාම කළේ ලකුණු අතර සිටි, ස්ථාවර පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව දෙමින් තම තමන් ආක්‍රමණයට පිවිසීමයි. 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ප.වැන් මීකර්න් 14
කුසල් මෙන්ඩිස් - ඇ.වැන්ඩර් මර්වර් ප.වැන්ඩර්ගෞටන් 79
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප.වැන් මීකර්න් 0
චරිත් අසලංක - ඇ.එඩ්වඩ්ස් ප.බස් ඩි’ ලීඩි 31
භානුක රාජපක්‍ෂ - ඇ.ටිම් ප්‍රින්ගල් ප.බස් ඩි ලීඩි 19
දසුන් ශානක - ඇ.ඇකර්මන් ප.ෆ්‍රෙඩ් ක්ලාසන් 8
වනිඳු හසරංග - නොදැවී 5
චාමික කරුණාරත්න - නොදැවී 2
අතිරේක 4
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 162
 
කඩුලු වැටීම : 
1-36(පැතුම් නිස්සංක), 2-36(ධනංජය ද සිල්වා), 3-96(චරිත් අසලංක), 4-130(භානුක රාජපක්‍ෂ), 5-151(දසුන් ශානක), 6-157(කුසල් මෙන්ඩිස්)
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ සහ ළහිරු කුමාර
 
පන්දු යැවීම : 
ෆ්‍රෙඩ් ක්ලාසන් : 4-0-34-1
ටිම් ප්‍රින්ගල් : 3-0-22-0
රිලෝෆ් වැන්ඩර් මර්වර් : 3-0-16-0
පෝල් වැන් මීකර්න් : 4-0-25-2
බස් ඩි ලීඩි : 3-0-31-2
ටිම් වැන්ඩර් ගෞටන් : 3-0-31-1
 

අදහස් (0)

කුසල් මෙන්ඩිස් සැලසුම් සහගත ආක්‍රමණයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.