Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ කුසලාන වටයේ තරග මෙම සති අන්තයේදී ආරම්භ වන අතර එහිදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාවත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජයත් තරග බිමට පිවිසෙනු ඇත.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින මහනුවර කණ්ඩායම සහ එහි සිවුවැනි ස්ථානයේ පසුවන ගුවන් හමුදාව අතර තරගය සෙනසුරාදා (1 වැනිදා) ද, ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම් අතර තරග ඉරිදා (2 වැනිදා) ද පැවැත්වීමට නියමිතය.
එම තරග දෙකම කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග දෙකේ ප්‍රතිඵල අනුව ලකුණු සටහනේ මුල් ස්ථාන 3 වෙනස් වීමට වැඩි ඉඩක් පවතී.
මේ අතර පලඟ වටයේ තවත් තරග 2 ක් මෙම සතියේදී පැවැත්වෙන අතර එහිදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසියද, ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාවද තරග වැදීමට නියමිතය.
පලඟ වටයේ සති දෙකක් අවසානයේ සී.එච්. කණ්ඩායම ලකුණු 33 ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර යුද හමුදා ලකුණු 24 ක්ද, පොලිසිය ලකුණු 21 ක්ද ලබා පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටියි.
මෙම සතියේ තරග කාලසටහන
පළඟ වටය
■ පෙබ. 28 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට
■ මාර්තු 1 වැනිදා - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට
කුසලාන වටය
■ මාර්තු 1 වැනිදා - ගුවන් හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ මාර්තු 2 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පස්වරු 6.15 සිට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.