Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසලාන ශූරතාව ඉසිපතනයට

කුසලාන ශූරතාව ඉසිපතනයට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A


ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අනු ශූරතාව මහනුවර ත‍්‍රිත්ව විදුහලට හිමිවිය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී දෙදිනක් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි.

කුසලාන ශූරතාව අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහල පිල ලකුණු 22-0 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කිරීමට සමත් විය. ඉසිපතන ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ත‍්‍රිත්ව විදුහලට හොද අභියෝගයක් යොමු කරමින් පළමු අර්ධය අවසන් වන විට 10-0 ක් ලෙස පෙරමුණේ වූහ.

වෙස්ලි විදුහල් පිල ලකුණු 15-12 කින් කිංග්ස්වුඞ් විදුහල පරාජය කරමින් පළඟ ශූරතාව දිනා ගත්තේය.

බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ලකුණු 28-0 කින් වේල්ස් කුමර විදුහල පරාජය කරමින් බදුන ශූරයන් බවට පත්විය.

ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 12-7 කින් පානදුර රාජකීය විදුහල පරාජය කරමින් පළිහ ශූරතාව දිනාගත්හ.

තරගාවලියේ පළමු වටයට කණ්ඩායම් 32 ක් සහභාගි වූ අතර පළමු වටයේ තරග 16 ක් පැවැත්විණි.  ශ‍්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අනුග‍්‍රාහකයන් පිළිබ`දව ඇති වී තිබෙන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමූ අතර අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට අවස්ථාව උදාවිය.


අවසන් තරග ප‍්‍රතිඵල

කුසලාන ශූරතා අවසන් මහ තරගය

  • ඉසිපතන විදුහල විසින් ත‍්‍රිත්ව විදුහල පරාජය කරන ලදී (22-0)

පළග ශූරතා අවසන් මහ තරගය

  • වෙස්ලි විදුහල විසින් කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදී (15-12)

බදුන ශූරතා අවසන් මහ තරගය

  • සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල විසින් වේල්ස් කුමර විදුහල පරාජය කරන ලදී (28-0)

පළිහ ශූරතා අවසන් මහ තරගය

  • ලලිත් ඇතුළත්මුදලි විදුහල විසින් පානදුර රාජකීය විදුහල පරාජය කරන ලදී (12-7)

 

අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතා තරගාවලිය

  • මහනුවර ත‍්‍රිත්ව විදුහල විසින් ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදී (19-17)
  • ඉසිපතන විදුහල විසින් ශාන්ත ජෝශප් විදුහල පරාජය කරන ලදී (7-0)

පළඟ ශූරතා තරගාවලිය

  • මහනුවර කිංග්ස්වුඞ් විදුහල විසින් කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදී (17-12)
  • වෙස්ලි විදුහල විසින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදී (29-5)

බදුන ශූරතා තරගාවලිය

  • බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදී (25-0)
  • මොරටුව වේල්ස් කුමර විදුහල විසින් කොළඹ මහානාම විදුහල පරාජය කරන ලදී (15-12)

පළිහ ශූරතා තරගාවලිය

  • ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල විසින් මරදාන සහිරා විදුහල පරාජය කරන ලදී (19-7)
  • පානදුර රාජකීය විදුහල විසින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදී (12-0)

 


අදහස් (9)

කුසලාන ශූරතාව ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.