Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ අපරාජිතව ඉදිරියට

කොදෙව්වෝ අපරාජිතව ඉදිරියට

editorial - 2024 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඇෆ්ඝනිස්ථානය අතර ශාන්ත ලුසියාහි ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 104 ක පහසු ජයක් වාර්තා කිරීමට කෙදෙව්වෝ සමත් වූහ. මෙම ජයත් සමග මූලික වටයේදී අපරාජිත බව රැකගනිමින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමටද ඔවුන්ට හැකි විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානයට ඔබේඩ් මැකොයි ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමු‍වේ ඕවර 16.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැකෝයි ඕවර 4 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත් අතර අකීල් හොසේන් සහ ගුඩකේෂ් මෝති කඩුලු දෙක බැගින් බිඳහෙළමින් මැකෝයිට අනගි සහායක් දුන්හ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් කෙ‍ාදෙව්වෝ ඕවර 20 අවසානයේ ලකුණු කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 53 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමග ‍ලකුණු 98 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී, අස්මතුල්ලා ඔමර්සායිගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට ලක් වෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

ජොන්සන් චාල්ස් (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පූරන්, ඉන් නොනැවතී නායක රෝමන් පවෙල් (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී පන්දු 27 කට මුහුණදුන් චාල්ස් හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 15 කදී වාර්තා වූ පවෙල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය. ශායි හෝප් පන්දු 17 කදී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි. එහිදී ගුල්බදීන් නයිබ් ලකුණු 14 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 218   

(ජොන්සන් චාල්ස් 43, නිකලස් පූරන් 98, ශායි හෝප් 25, රෝමන් පවෙල් 26, ගුල්බදීන් නයිබ් 14/2)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 114

(ඊබ්‍රහීම් සද්‍රාන් 38, අස්මතුල්ලා ඔමර්සායි 23, කරීම් ජැනට් 14, රෂීඩ් ඛාන් 18, ඔබේඩ් මැකොයි 14/3, අකීල් හොසේන් 21/2, ගුඩකේෂ් මෝති 28/2)


අදහස් (0)

කොදෙව්වෝ අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.