Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොත්මලේ කුසලානයේ හිමිකරු තීරණය අද

කොත්මලේ කුසලානයේ හිමිකරු තීරණය අද

ශනුක අරවින්ද - 2016 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය යාපනය ශාන්ත හෙන්රි විදුහල සහ මරදාන සහිරා විදුහල අතර අද (19 වැනිදා) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී කළුතර සිරිකුරුස විදුහලට එරෙහිව ගෝල 8-0 ක විශිෂ්ට ජයක් ලබාගනිමින් ශාන්ත හෙන්රි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ශාන්ත හෙන්රි විදුහල වෙනුවෙන් තරගයේ 32 වැනි, 50 වැනි සහ 85 වැනි මිනිත්තුවලදී ගෝල තුනක් ලබාගැනීමට ඒ. බී. අනෝජන් සමත් විය. ජී. ඇන්ටනීරාජ් (63 වැනි මිනිත්තුව), ඒ. තනීෂ් (70 වැනි මිනිත්තුව) සහ ආර්. ඒ. මෙතුෂාන් (82 වැනි මිනිත්තුව) යන කී‍්‍රඩකයෝද ශාන්ත හෙන්රි විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ.

සිරිකුරුස විදුහලේ ජී. එල්. සන්දීප් තරගයේ 69 වැනි සහ 80 වැනි මිනිත්තුවලදී  ඕන් ගෝල 2 ක් ලබාදීමත් සමග ශාන්ත හෙන්රි විදුහලේ ගොල සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගියේය.

සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල ගෝල 2-0 ක් ලෙස පරාජය කරමිනි. එහිදී සහිරා විදුහල වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ට හිමිකම් කීමට එම්. සෆ්රාන් (3 වැනි මිනිත්තුව) සහ එම්. අකීබ් (76 වැනි මිනිත්තුව) සමත් වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල විසින් ගෝල 2-1 ලෙස කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
  • මරදාන සහිරා විදුහල විසින් ගෝල 2-1 ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරන ලදි.
  • යාපනය ශාන්ත හෙන්රි විදුහල විසින් ගෝල 4-1 ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
  • කළුතර සිරිකුරුස විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදි.

යාපනය ශාන්ත හෙන්රි විදුහල

 

මරදාන සහිරා විදුහල


අදහස් (0)

කොත්මලේ කුසලානයේ හිමිකරු තීරණය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.