Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - කොදෙව් විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගත් කොදෙව් කාන්තාවෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ. අද (26 වැනිදා) පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත කණ්ඩායම් වල ඉලක්ක සංශෝධනය කරන ලදි.
දෙපිල අතර පැවැති එක්දින තරගාවලියේදී 3-0 ක පරාජයක් ලැබූ කොදෙව් ක්‍රීඩිකාවෝ පළමු වැනි විස්සයි-20 තරගයේදීත් කඩුලු 4 ක පරාජයකට මුහුණ දුන්හ. එහෙත් වර්ෂාවෙන් බාධා පැමිණි දෙවැනි තරගය ජයගත් කොදෙව් ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියේ සජීවී තත්ත්වය තවදුරටත් රඳවා ගත්හ.
කොදෙව් පිලට මෙම ජයග්‍රහණය අත්කර දීමේදී දකුණතින් පා දඟ පන්දු යවන්නී ඇෆී ෆ්ලෙචර් (23/4) සහ දකුණත් ආරම්භක පිතිකාරිනිය, ස්ටෙෆනි ටේලර් (නොදැවී 28) මහඟු මෙහෙයක් කළහ.
වර්ෂාවක ලකුණු පැවැති හෙයින් කොදෙව් ක්‍රීඩිකාවෝ මුල සිටම උපක්‍රමශීලී වූහ. කාසියේ වාසිය දිනාගත් ඔව්හු පළමුවෙන් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිලට පැවරූයේ ඩක්වර්ත් - ලුවිස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කල්වේලා ඇතිවම දැනසිටි හෙයිනි.
චමරි අතපත්තු (26) සහ විශ්මි ගුණරත්න (24) දෙදෙනා එක්ව පන්දු 47 කින් ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් චමරි දැවීයාමෙන් පසුව ලකුණු වේගය අඩුවිය. ශ්‍රී ලංකා කාන්තා පිලේ බිඳ වැටුණු කඩුලු හතරටම වගකී ඇෆී ෆ්ලෙචර්, පන්දු 20 කින් ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 23 ක් පමණි. කඩුලු දවාගැනීමට අවස්ථාව නොලද නමුත් චිනෙල් හෙන්රි සහ ආලියා ඇලේන් දෙදෙනා, කඩුල්ලේ අනෙක් අන්තයෙන් පීඩනය වැඩි කරමින්, පා දඟ පන්දු යවන්නියට හොඳ සහයෝගයක් දුන්හ.
වර්ෂාව ඇදහැළීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබාගත්තේ ලකුණු 89 ක් වූවත්, ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කොදෙව්වන්ගේ ඉලක්කය ඕවර 15 කින් ලකුණු 99 ක් දක්වා ඉහළ දමන ලදි. ඊට සාර්ථකව මුහුණ දුන් නායිකා හේලි මැතිව්ස් සහ ස්ටෙෆනි ටේලර්, පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කින් ලකුණු 44 ක් එක්කළහ. එහි වාසිය වූයේ කොදෙව් ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අදාළ ඉලක්කයට වඩා ඉදිරියෙන් සිටීමයි.
සචිනි නිසංසලා හමුවේ හේලි මැතිව්ස් දැවී ගිය නමුත් ස්ටෙෆනි ටේලර් තරගය ජයග්‍රහණය කරන තුරුම, කම කඩුල්ල රැකගනිමින්, පිටියේ රැඳී සිටියාය. හතරේ පහර 3 ක් ද සහිතව, පන්දු 8 කින් ලකුණු 15 ක් ලබාගත් ආලියා ඇලේන්ගේ ප්‍රහාරය හේතුවෙන් පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී කොදෙව් ක්‍රීඩිකාවෝ තරගයෙන් ජයගත්හ.
දෙපිල අතර අවසන් විස්සයි-20 තරගය 28 වැනිදා සූරියවැව ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කන්තාවෝ - ඕවර 15.2 කදී කඩුලු 4 ට 89 යි
(විශ්මි ගුණරත්න 24, චමරි අතපත්තු 26, හර්ෂිතා සමරවික්‍රම 14, කවීෂා දිල්හාරි නොදැවී 14, ඇෆී ෆ්ලෙචර් 23/4)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ - ඕවර 14.1 කදී කඩුලු 4 ක් දැවී 99 යි
(හේලි මැතිව්ස් 29, ස්ටෙෆනි ටේලර් නොදැවී 28, ශර්මේන් කැම්බල් 16, ආලියා ඇලේන් නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.