Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පියාගේ අභාවය හේතුවෙන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා ඊයේ රාත්‍රියේ කිසියම් අයකු විසින් වෙඩිතබා ඝාතනය කරන ලදි.
මෙම සංචාරය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබූ බැවින් ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්වූවද සංචාරය සඳහා පිටත්ව යාමට ක්‍රීඩකයෝ 16 දෙනෙක් සිටිති.
ධනංජයගේ පියාණන් වන රන්ජන් ද සිල්වා මහතා වෙනුවෙන් පවුගේ අය වෙත ශෝකය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් ධනංජය නිදහස් කර ඇති බවත් ඔහුට අවශ්‍ය සියලුම සහයෝගය දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයත් සූදානමින් සිටින බවත් පවසයි.
ධනංජයගේ හිස්තැන පිරවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු කීවේ සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් හිත හදාගැනීමෙන් පසුව කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ධනංජයට තිබෙන බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (25 වැනිදා) රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට සූදානමින් සිටියේය.
ශ්‍රී ලංකාව නියොජනය කරමින් ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර ඇති ධනංජය, එහිදී ශතක 4 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 1066 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 44.42 ක සාමාන්‍යක් රඳවාගනිමිනි. මේ වසරේ (2018) ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව රැස්කළ ලකුණු 173 මෙතෙක් ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.