Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ, ඕවර 36.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. නායක ශායි හෝප් (නොදැවී 63) සහ කීසි කාටි (නොදැවී 48) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 91 නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම් ජයග්‍රහණය තහවුරු කළේය.
පන්දු 80 කට මුහුණදුන් හෝප් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 65 කදී වාර්තා වූ කාටිගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් පන්දු 28 කින් ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට රොමාරියෝ ශෙපර්ඩ් සහ ගුඩකේෂ් මෝති ප්රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. එහිදී මෝති ලකුණු 36 කට කඩුලු 3 ක්ද, ශෙපර්ඩ් ලකුණු 37 කට කඩුලු 3 ක්ද බිඳහළෙමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ඉන්දියාව - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 181
(ඉෂාන් කිෂන් 55, ශුබ්මල් ගිල් 34, සූර්යකුමාර් යාදව් 24, ගුඩකේෂ් මෝති 36/3, රොමාරියෝ ශෙපර්ඩ් 37/3, අල්සාරි ජෝෂප් 35/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 36.4 කදී කඩුලු 4 ක් දැවී 182
(කයිල් මේයර්ස් 36, ශායි හෝප් නොදැවී 63, කීසි කාටි නොදැවී 48, ශර්ධුල් ඨාකූර් 42/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.