Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ සංචිතය වෙනස් කරති

කොදෙව්වෝ සංචිතය වෙනස් කරති

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචිතයේ නායකත්වයද ජාමාර් හැමිල්ටන්ට හිමිව තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් සමගින් පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සිවුදෙනෙකු කණ්ඩායමෙන් ඉවත්කර රොන්ස්ෆෝඞ් බීටන්, කයිල් මේයර්, ඇන්ඩ්‍ර් මැකාති සහ ඕඩියන් ස්මිත් සංචිතයට කැඳවා ඇත. ඕඩියන් ස්මිත් පසුගිය වසරේ බංග්ලාදේශයේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකරගත් කොදෙව් කණ්ඩායමේද සාමාජිකයෙකි.

කෙදෙව් ‘ඒ’ පිල එක්දින තරගාවලිය සඳහා සිය සංචිතය වෙනස් කළ නමුත් ටෙස්ට් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමම එක්දින තරගාවලියටත් සහභාගි වෙයි. ජැමෙයිකවේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පැමිණි දසුන් ෂානකගේ සේවය ශ්‍රී ලංකා පිලට අහිමි වී තිබේ. නැවත වතාවක් වීසා ලබාගැනීම සඳහා දින කිහිපයක් ගතවන බැවින් මේ වන විට ජැමෙයිකාවේ සිටින ක්‍රීඩකයන් සමගින් එක්දින තරගාවලියට මුහුණ දීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට සිදුව තිබේ.

මෙම වසර ආරම්භයේදී එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සමගින් පැවැති තරගාවලියට ක්‍රීඩාකළ සංචිතයෙන් තෝරාගත් ක්‍රීඩකයින් යොදා සකස්කළ කණ්ඩායමක් වන මෙම සංචිතය සදහා එම සංචිතයේ නායකත්වය දැරූ ජමාර් හැමිල්ටන්ට මෙම තරගාවලියේදීද නායකත්වයේ වගකීම පැවරූ බව බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු සභාපති කර්ට්නි බ්‍රවුන් මහතා පැවසි

ජනවාරී මාසයේදී ප්‍රාදේශීය සුපිරි50 කුසලාන තරගාවලියද, මාර්තු මාසයේදී සිබ්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ඇතුළු තරගාවලි කිහිපයක් ලබන වසරේදී පැවැත්වෙන අතර මේ තරගාවලදී දස්කම් දක්වන ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇති බවද කර්ට්නි බ්‍රවුන් මහතා වැඩිදුරටත් පැවසිය.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචිතය

ජමාර් හැමිල්ටන් (නායක), සුනිල් ඇම්බි්‍රස්, රොන්ස්ෆෝඞ් බීටන්, ශමාර් බෲක්, ජෝන් කැම්බල්, රකීම් කොන්වෝල්, ශෙල්ඩන් කොට්ටේ‍රල්, මොන්ට්සින් හොජ්, ඬේමියන් ජේකොබ්ස්, රේනාඞ් ලෙව්රිජ්, කයිල් මේයර්, ඇන්ඩි්‍ර මැකාති සහ ඕඩියන් ස්මිත්.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය

ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක (උප නායක), රොෂේන් සිල්වා, රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, අමිල අපොන්සු, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, විමුක්ති පෙරේරා, කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

තරග කාල සටහන

නොවැම්බර් 01 - පළමු එක්දින තරගය සබීනා පාර්ක්හිදී

නොවැම්බර් 03 - දෙවැනි එක්දින තරගය සබීනා පාර්ක්හිදී

නොවැම්බර් 05 - තෙවැනි එක්දින තරගය ටේ‍රලව්නි මල්ටිප්ලෙක්හිදී

 


අදහස් (0)

කොදෙව්වෝ සංචිතය වෙනස් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.