Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාංචන චුයින් චියැක් විසින් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දෙවැනි උත්සාහද දිනුම ලබාගත් මොහොත...
ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයකින් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 31-28 ක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය.
පළමු මිනිත්තුවේදීම ගෝල දිනුමක් ලබාගනිමින් තරගය ආරම්භයේදීම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සමත්වුවද, සිව්වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් ලබාගත් දකුණු කොරියානු කී‍්‍රඩකයෝ ලකුණු තත්ත්වය සම කිරීමට සමත්වූහ.
ඉන් මිනිත්තු 10 කට පසු එනම් 14 වැනි මිනිත්තුවේදී තවත් ගෝල දිනුමක් වාර්තා කළ දකුණු කොරියානු පිල ලකුණු 14-07 ලෙස තරගයේ පෙරමුණ පැමිණියේය.
තරගයේ 19 වැනි මිනිත්තුවේ ලබාගත් ගෝල දිනුමත් සමගින් ලකුණු තත්ත්වය නැවතත් සම කිරීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සමත්වූවත්, 22 වැනි මිනිත්තුවේදී ලබාගත් උත්සහක දිනුමත් සමගින් දකුණු කොරියානු කී‍්‍රඩකයෝ ලකුණු 19-14 ලෙස තරගයේ වැඩි වාසිය තමන් වෙත නතුකරගත්හ.
දකුණු කොරියානු පිලට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකා පිල 25 වැනි මිනිත්තුවේදීද ගෝල දිනුමක් ලබාගනිමින් ලකුණු 19-21 ලෙස ඉදිරියට පැමිණීමට සමත්විය. එහෙත් 35 වැනි මිනිත්තුවේදී තවත් උත්සහක දිනුමක් වාර්තා කළ දකුණු කොරියානු පිල පළමු අර්ධය නිමා වන විට ලකුණු 24-21 ලෙස පෙරමුණේ පසුවිය.
පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුදම් පාරින්ද සූරියආරච්චි, සාංචන චුයින් චියැක් සහ නිම්ෂාන් ජයවර්ධන උත්සහක දිනුම් 3 ක් ලබාගත් අතර එම උත්සහක දිනුම් තුනේම ප‍්‍රවර්ථනයන් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ එම උත්සහක දිනුම් ගෝල දිනුම් බවට පරිවර්ථනය කළේය. පළමු අර්ධයේදී උත්සහක දිනුම් 4 ක් ලබාගත් දකුණු කොරියානු පිල, ඉන් 2 ක ප‍්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට සමත්විය.
දෙවැනි අර්ධයේදී දෙපිල අතර ඉතා තියුණු තරගයක් දක්නට ලැබූ අතර පළමු අර්ධය නිමාවන විට තිබූ ලකුණු 3 ක පරතරය තවදුරටත් රැකගැනීමේ උත්සහයක දකුණු කොරියානු පිල නිරතවෙද්දී, එම පරතරයෙන් මිදීමට ශ්‍රී ලංකාව පිල උත්සහ කළේය.
ශ්‍රී ලංකා පිල දෙවැනි අර්ධයේ 63 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝල දිනුමත් සමගින් ලකුණු තත්ත්වය 24-28 බවට පත්වූ අතර එම ගෝල දිනුමේ උත්සහක දිනුම මෙන්ම ප‍්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට කණ්ඩායම් නායක තරින්ද රත්වත්තේ සමත්විය.
කෙසේ වුවත් ඉතා ඉක්මනින් නැවතත් තරගයට අවතීර්ණ වූ දකුණු කොරියානු කී‍්‍රඩකයෝ 71 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් වාර්තා කරමින් ලකුණු 31-28 ක් ලෙස ශ්‍රී ලංකා පිල පසුපසට ඇද දැමූහ.
පළමු අර්ධය නිමාවන විට තිබූ ලකුණු පරතරය දෙවැනි අර්ධය නිමාවන විටද එසේම පැවතීම නිසා දකුණු කොරියාවට මෙම තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් හිමිවිය.
ඊයේ (21 වැනිදා) පැවැති තවත් තරගයකදී ලකුණු 44-05 ක් ලෙස චීන තායිපේ පිල පරදවා පහසු ජයක් වාර්තා කිරීමට හොංකොං පිල සමත්විය.
ශී‍්‍ර ලංකා - දකුණු කොරියා යොවුන් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.