Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති
අයි.පී.එල්. 2023

කොල්කටා ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති

editorial - 2023 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඉරිදා (14 වැනිදා) එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. කොල්කටා කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් තරගාවලියේ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවාගැනීමටද ඔවුන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 18.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කින් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිතිෂ් රානා (නොදැවී 57) සහ රිංකු සිං (54) සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

රිංකු සිං දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මුයින් අලී සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 44 කට මුහුණදුන් රානා හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 43 කදී වාර්තා වූ රිංකුගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් දීපක් චාහර් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් රැස්කළ අතර චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශිවම් ඩූබේ පන්දු 34 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ පන්දු 28 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.


චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 144
(ඩෙවෝන් කොන්වේ 30, ශවම් ඩුබේ නොදැවී 48, රවින්ද්‍ර ජදේජා 20, සුනිල් නරේන් 15/2, වරුන් චක්‍රවර්ති 36/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 18.3 කදී කඩුලු 4 කට 147
(නිතිෂ් රානා නොදැවී 57, රිංකු සිං 54, දීපක් චාහර් 27/3)

-036


අදහස් (0)

කොල්කටා ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.