Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල ලකුණු 25 කින් ජයගනී

කොල්කටා පිල ලකුණු 25 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අවස්ථාව උදා කරගත් අතර එහිදී ලැබූ පරාජයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළද රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු අපොහොස් විය.

නායක අජින්ක්‍යා රහනේ (46) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 62 ක් රැස්කිරීමටද සැම්සන් සමත් වූ නමුත් රාජස්ථාන් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 41 කදී වාර්තා වූ රහනේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස්කළ අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 38 කදී ලකුණු 52 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ කොල්කටා පිල එම තත්වයෙන් මුදවාගත් කාර්තික්, සුබ්‍රමනියම් ගිල් (28) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 17 කදී වාරත් වූ ගිල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්
සමන්විත විය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 25 කදී දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  

එහිදී ක්‍රිෂ්නප්පා ගෞතම්, ජෙෆ්රා ආචර් සහ බෙන් ලෝන්ලින් කඩුලු 2 බැගින් දවාගනිමින් රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

 

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 169
(ක්‍රිස් ලයන් 18, දිනේෂ් කාර්තික් 52, සුබ්‍රමනියම් ගිල් 28, ඔන්ඩි්‍ර රසල් නොදැවී 49, ක්‍රිෂ්නප්පා ගෞතම් 15/2, ජෙෆ්රා ආචර් 33/2, බෙන් ලෝන්ලින් 35/2)   

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 කට 144
(අජින්ක්‍යා රහනේ 46, රාහුල් ත්‍රිපාති 20, සංජු සැම්සන් 50,  හෙයින්රිච් ක්ලාසෙන් නොදැවී 18, පියුෂ් චවුලා 24/2)   

-036


අදහස් (0)

කොල්කටා පිල ලකුණු 25 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.