Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කිංග්ස් XI පංජාබ් පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර පූනේහිදී අද (18) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් කොල්කටා පිල කඩුලූ 4 ක ජයක් ලැබීය.
කොල්කටා පිල ලකුණු 60 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී යුසුෆ් පතාන් (නොදැවී 28) සහ ඇන්ද්‍රි රසල් (66) හයවැනි කඩුල්ලට පන්දු 59 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ඇන්ද්‍රි රසල් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 36 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 66 ක් රැස්කරමින් ජයග‍්‍රාහි ලකුණ ලබා ගැනීමට තිබියදී දැවී ගියේය.
දකුණතින් වේග පන්දු යවන තිසර පෙරේරා ඕවර හතරේදී ලකුණු 33 ක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 155 ක් රැස් කළේය.
ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා පන්දු 8 කදී හයේ පහරක් සමගින් ලකුණු 9 කට දැවී ගියේය. තිසර මෙවර අයි.පී.එල්. තරගාවලියේ ක‍්‍රීඩා කරන පළමු තරගය මෙය වේ.
ජෝජ් බේලි පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 60 ක් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ග්ලේන් මැක්ස්වෙල් (33) සහ ජෝජ් බේලි (60) සිවුවැනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ඉන්දීය හිටපු ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් පන්දු 10 කදී ලකුණු 11 ක් රැස්කර දැවී යෑමෙන් ඉනිම අඩපණ විය.
කොල්කටා පිලේ නායක ගෞතම් ගාම්බීර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 155
(ග්ලේන් මැක්ස්වෙල් 33, ජෝජ් බේලි 60, උමේෂ් යාදේව් 33/3, ඇන්ද්‍රි රසල් 39/2, මොනේ මොර්කල් 27/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 17.5 කදී කඩුලූ 6 ට 159
(රොබින් උත්තප්පා 13, ගෞතම් ගාම්බීර් 11, මනීෂ් පාණ්ඬේ 12, සුර්යකුමාර් යාදේව් 23, යුසුෆ් පතාන් නොදැවී 28, ඇන්ද්‍රි රසල් 66, සංදීප් ශර්මා 25/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.