Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල හයවැනි ජයත් ලබයි

කොල්කටා පිල හයවැනි ජයත් ලබයි

ශනුක අරවින්ද - 2015 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 42 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ශෙයාස් අයියර් පන්දු 35 කදී ලකුණු 40 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පන්දු 15 කට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පියුෂ් චව්ලා ඕවර 4 ක් යවා ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගනිමින් දිල්ලි පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 171 ක් ලබාගත් අතර එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ යූසෆ් පතන්, පන්දු 24 කදී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළ ආරම්භක පිතිකරු රොබින් උත්තාපා, කොල්කටා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 171

(රොබින් උත්තාපා 32, ගෞතම් ගම්භීර් 12, මනීෂ් පාණ්ඬේ 22, පියුෂ් චව්ලා 22, යූසෆ් පතන් 42, ජොහාන් බෝතා 17, ඉම්රාන් තාහිර් 46/2)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 158

(ශෙයාස් අයියර් 40, මනෝජ් තිවාරි 25, ජේ. පී. ඩුමිනි 25, ඇන්ජලෝ මැතිව්ස් 22, සෞරබ් තිවාරි නොදැවී 24, පියුෂ් චව්ලා 32/4)


-036

 


අදහස් (0)

කොල්කටා පිල හයවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.