Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 44 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 184 ඉලක්කයක් හඹාගිය කොල්කටා කී‍්‍රඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
කොල්කටා පිලේ ජයග‍්‍රහණයේ නියමුවා වූ ඇන්ඩි‍්‍ර රසල් පන්දු 21 කදී වේගවත් ලකුණු 51 ක් රැස්කළ අතර ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
යූසෆ් පතන් (29) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 53 ක සම්බන්ධතාවන් ගොඩනැගීමටද ඇන්ඩි‍්‍ර රසල් සමත් විය. පතන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක් ලබාගත්තේය.
පන්ජාබ් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුනිල් නරේන්, ඕවර 4 ක් යවා ලකුණු 19 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්ජාබ් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 183
(මුරලි විජේ 28, මනන් වෝරා 39, රිධිමන් සාහා 33, ග්ලේන් මැක්ස්වෙල් 43, ඬේවිඞ් මිලර් නොදැවී 27, සුනිල් නරේන් 19/4)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.5 කදී කඩුලූ 9 කට 184
(රොබින් උත්තාපා, ගෞතම් ගම්භීර් 24, මනීෂ් පාණ්ඬේ 22, යූසෆ් පතන් 29, ඇන්ඩි‍්‍ර රසල් 51, පියුෂ් චව්ලා 18, ගුර්කීරාට් සිං 17/2, අනුරීට් සිං 56/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.