Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටාවට ලකුණකින් අවසන් වටය අහිමිවෙයි
අයි.පී.එල්. - 2023

කොල්කටාවට ලකුණකින් අවසන් වටය අහිමිවෙයි

editorial - 2023 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) කොල්කටාහි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජය හේතුවෙන් කොල්කටා කණ්ඩාමට අවසන් වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවද මඟහැරී ගියේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ රිංකු සිං පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.  

ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 45 ක්ද, වෙන්කටේෂ් අයියර් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව පන්දු 35 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 61 කි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 176 ක් ලබාගත් අතර ලක්නව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිකලස් පූරන් පන්දු 30 කින් ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. අයුෂ් බදෝනි (24) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුනු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පූරන් සමත් විය.  

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 176 
(ක්වින්ටින් ඩි’කොක් 28, ප්‍රීරක් මන්කාඩ් 26, අයුෂ් බදෝනි 25, නිකලස් පූරන් 58, ශර්ධුල් ඨාකුර් 27/2, සුනිල් නරේන් 28/2, වයිබව් අරෝරා 30/2) 

කොල්කටා නයට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 175 
(ජේසන් රෝයි 45, වෙන්කටේෂ් අයියර් 24, රිංකු සිං නොදැවී 67, රවී බිෂ්නෝයි 23/2, යෂ් ඨාකූර් 31/2) 

 

-036 


අදහස් (0)

කොල්කටාවට ලකුණකින් අවසන් වටය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.