Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩේවිඩ් වෝනර් (10) සහ මානස් ලැබුෂේන් (79) දෙදෙනාගේම කඩුලු දවාගත් ඇන්රික් නොකියා හැරෙන්නට සිඩ්නි නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීත් සෙසු දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ අසාර්ථක වූහ. වර්ෂාවෙන් බාධා පැමිණි පළමු දිනයේ ක්‍රීඩාව ඕවර 47 කට සීමා වූ අතර වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය.
සිඩ්නි පිටියේදී ලකුණු 98.00 ක ටෙස්ට් සාමාන්‍යයක් පවත්වාගෙන යන උස්මන් කවාජා නොදැවී ලකුණු 54 ක් ලබා සිටියේය. ස්ටීවන් ස්මිත් පිටියට පිවිසීමට සූදානමින් පසුවෙයි.
මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් ඩේවිඩ් වෝනර් අද දින නොකියා යැවූ දෙවැනි ඕවරයේදීම දැවී ගියේය. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ලැබුෂේන් සහ කවාජා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පාලනය කරගෙන සිටියහ.
කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව ලැබුණු කොවිඩ්-19 පරීක්‍ෂණ වාර්තාවකින් කියැවුණේ මැතිව් රැන්ෂෝට කොරෝනා වයිරසය අසාදනය වී ඇති බවයි. එහෙත් මැතිව් රැන්ෂෝගේ නම කණ්ඩායමට ඇතුළත් කළ තිබූ බැවින් ද, ඔහුගේ රෝග ලක්‍ෂණ එතරම් බරපතළ නොවූ හෙයින් ද රැන්ෂෝ දිගටම කණ්ඩායමේ රඳවාගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කළේය.
මැතිව් රැන්ෂෝ ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලට එක්ව සිටින්නේ වසර තුනකුත් මාස හතකට පසුවය. කෙසේ වෙතත් රැන්ෂෝ වෙනත් කාමරයකට මාරු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීහු පියවර ගත්හ. තරගය පුරාම ඔහු සෙසු ක්‍රීඩකයන්ගෙන් ඈත්ව සිටිනු ඇත.
මෙල්බර්න් ටෙස්ට් තරගයේදීත් ඉනිමක ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ මේ වන විටත් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිති.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 2 ට 147 යි
(උස්මන් කවාජා නොදවී 54, ඩේවිඩ් වෝනර් 10, මානස් ලැබුෂේන් 79, ඇන්රික් නොකියා 26/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.