Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ පිලට ලකුණු 92 ක ජයක්

කොළඹ පිලට ලකුණු 92 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 92 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 310 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 48.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළ අතර චාමර කපුගෙදර පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය.

සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදුන් කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියෝය.

සිය ඕවර 10 ලකුණු 43 කට සීමාකළ වනිඳු හසරංග කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශෙහාන් ජයසූරිය ලකුණු 43 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා කොළඹ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 309 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සහ ශෙහාන් ජයසූරිය පළමු කඩුල්ල සදහා පන්දු 120 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ශෙහාන් ජයසූරිය පන්දු 78 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 81 ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් පන්දු 65 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස් කළේය.

අර්ධ ශතක ලබාගනිමින් කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීම සදහා නැවතත් තෙවැනි කඩුල්ල සදහා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට චාමර සිල්වා සහ ළහිරු තිරිමාන්න සමත්වූහ. පන්දු 77 කදී ඔවුන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ළහිරු තිරිමාන්න පන්දු 69 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් චාමර සිල්වා පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.

මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම ලකුණු අතරට පැමිණියද මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මහනුවර පන්දුයවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

සචිත් පතිරණ දැඩි පහර දීමකට ලක්වුවද ඕවර 5 ක් තුළ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕවර 10 ක් යවමින් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගැනීමට ධණුෂ්ක ගුණතිලක සමතත්විය.


කොළඹ - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 309
(කමිඳු මෙන්ඩිස් 47, ශෙහාන් ජයසූරිය 81, චාමර සිල්වා 61, ළහිරු තිරිමාන්න නොදැවී 90, සචිත් පතිරණ 41/3, ධණුෂ්ක ගුණතිලක 39/2)

මහනුවර - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 217
(ධණුෂ්ක ගුණතිලක 59, චාමර කපුගෙදර 44, චරිත් අසලංක 21, මිනෝද් භානුක 26, වනිඳු හසරංග 43/4, තිසර පෙරේරා 25/2, ශෙහාන් ජයසූරිය 43/2)

 

ඡායාරූප - ළහිරු හර්ෂණ
 

අදහස් (0)

කොළඹ පිලට ලකුණු 92 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.