Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන ඒජන්සිය 17 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝබර් මස 8 වැනිදා පැවැත්වේ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම තරගය බෞද්ධාලෝක මාවත, ආර්. ජී. සේනානායක මාවත, මේට්ලන්ඞ් චන්ද්‍රවංකය, කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර පාර, ශ්‍රීමත් මාර්කස් ෆර්නැන්ඩස් මාවත, ඇල්බර්ට් චන්ද්‍රවංකය, නිදහස් පටුමග, ෆිලිප් ගුණවර්ධන මාවත, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත, ටොරින්ටන් පටුමග, බෞද්ධාලෝක මාවත, මෙයිට්ලන්ඞ් පෙදෙස, නිදහස් පටුමග, මෙයිටිලන්ඞ් චන්ද්‍රවංකය, මෙයිට්ලන්ඞ් පෙදෙස, විද්‍යා මාවත, විජේරාම මාවත, බෞද්ධාලෝක මාවත, බොරැල්ල කහත්ත හන්දිය, බේස්ලයින් පාර, පෑලියගොඩ නවලෝක වටරවුම, මීගමුව කොළඹ පාර, හේකිත්ත හන්දිය, හේකිත්ත පාර, ඇල පාර, බෝපිටිය පාර සහ පමුණුගම පාර ඔස්සේ පැමිණ දුන්ගාල්පිටියෙන් අවසන්වේ.
මෙම තරගය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම කාණ්ඩ 6 ක් යටතේ පැවැත්වෙන අතර විවෘත පූර්ණ මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, විනෝද ධාවන තරගය, අර්ධ විනෝද ධාවන තරගය එම කාණ්ඩ 6 ට ඇතුළත්වේ.
මෙහි පූර්ණ මැරතන් තරගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195 ක් වන අතර අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර් 21.097 කි. විනෝද ධාවන තරගය කිලෝ මීටර් 10 කින්ද, අර්ධ විනෝද ධාවන තරගය කිලෝ මීටර් 5 කින්ද සමන්විත වේ. මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගය සඳහා ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව 10000 ඉක්මවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
තරගයේ ප්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිණැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් ලක්ෂ හතලිස් දහසක් (340,000) පමණ වේ. එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද පිරිනැමේ.
ඉකුත් වසරේ පැවති තරගය සඳහා තරගකරුවන් 7500 ක් පමණ සහභාගි වූ අතර ඊට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ ඇතුළත් වූහ. පැය 2 යි විනාඩි 25 යි තත්පර 32 තරගය අවසන් කළ කෙන්යාවේ ජෝසප් කරිවුකි එම තරගය ජයගතතේය. කෙන්යාවේ මාගරෙට් වැන්ගුයි, එවර තරගය අවසන් කළ ප්‍රථම කාන්තාව වූ අතර ඇය තරගය අවසන් කිරීම සඳහා පැය 2 යි විනාඩි 53 යි තත්පර 47 ක කාලයක් ගත කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.