Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ මැරතන් තරගය කෙන්යානු රිද්මයට

කොළඹ මැරතන් තරගය කෙන්යානු රිද්මයට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6538 ක සහභාගීත්වයෙන් අද (4 වැනිදා) පැවැති 15 වැනි එස්. එල්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ පිරිමි පූර්ණ මැරතන් තරගය ජයගැනීමට කෙන්යානු කී‍්‍රඩක ඇන්ටනී ඩුංගු මුගු සමත්විය. ඒ සඳහා ඔහුට ගතවූ කාලය පැය 2 යි විනාඩි 23 යි තත්පර 17 කි.

තරගයේ පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි ස්ථාන තුනම දිනාගත් කෙන්යානු ජාතිකයෝ පිරිමි තරගයේ පස්වැනි ස්ථානය මෙන්ම කාන්තා තරගයේ දෙවැනි ස්ථානයද හිමිකරගත්හ. කෙන්යානු කී‍්‍රඩිකා ඩොර්කාස් ජෙබොටිප් ටරූස්ට වඩා තත්ත්පර 7.19 කින් ඉස්සර වූ අනුරාධි බෝගහවත්ත කාන්තා තරගය ජයගත්තාය.

ඇන්ටනී ඩුංගු මුගු කොළඹ මැරතන් තරගය ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013 වසරේ පැවැති තරගය ගැනීමටද ඔහු සමත්වී තිබේ. එහිදී ඔහුගේ තරග නිමි කාලය වූයේ පැය 2 යි විනාඩි 21 යි තත්පරය 01 කි. තවද ඉකුත් වසරේ (2014) පැවැති තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමටද ඔහු සමත් වූ අතර පැය 2 යි විනාඩි 22 යි තත්පරය 12 ක් ලෙස එවර ඔහුගේ තරග නිමි කාලය සටහන් වී තිබිණ.

දෙවැනි වරටත් කොළඹ මැරතන් තරගය ජයගත්තද, ඇන්ටනීගේ තරග නිමි කාලය 2013 වසරේ සිට මේ දක්වා ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවී ඇති බවක් දක්නට ලැබේ.

පැය 2 යි විනාඩි 24 යි තත්පරය 21 කින් තරගය නිමා කළ ඇල්බට් කන්ගර් (කෙන්යාව) පූර්ණ මැරතන් තරගයේ දෙවැනි ස්ථානයටත්, පැය 2 යි විනාඩි 25 යි තත්පරය 51 කින් තරගය නිමා කළ ජෝෂප් කරිවුකි (කෙන්යාව) එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ.

එහි සිව්වැනි ස්ථානය හිමිකරගත් යුද හමුදාවේ උපුල් විජිතකුමාර, තරගය නිමා කළ පළමු දේශීය කී‍්‍රඩකයා බවට පත් වූ අතර ඔහු තරගය නිමා කිරීමට ගතකළ කාලය පැය 2 යි විනාඩි 26 යි තත්පර 27 කි.

කාන්තා පුර්ණ මැරතන් ජයගැනීමට පැය 3 යි විනාඩි 02 යි තත්පර 38 කින් තරගය අවසන් කළ නාවික හමුදාවේ අනුරාධි බෝගහවත්ත සමත් වූවාය. කෙසේ වුවත් මෙය ඇයගේ හොඳම තරග නිමි කාලය නොවන අතර මේ වසරේ (2015) පැවැති ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී වාර්තා කළ පැය 2 යි විනාඩි 56, ඇයගේ හොඳම තරග නිමි කාලය ලෙස සටහන් වේ.  

පැය 3 යි 09 යි තත්පර 57 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ඩොර්කාස් ජෙබොටිප් ටරූස් කාන්තා තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර පැය 3 යි 33 යි තත්පර 43 කින් තරගය අවසන් කළ එම්. ජී. බුද්ධිකා එහි තෙවැනි ස්ථානයට පත්වූවාය.

පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රථම ස්ථාන දිනාගත් කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ප‍්‍රවේශපතක් බැගින් පිරිනැමිණ. එම මුදල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් තුන් ලක්ෂ හතලිස් පන්දාහයක් (345,000) පමණ විය.

එහිදී දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 200 ක් බැගින්ද පිරිනැමිණ.
 
ශී‍්‍ර ලංකාවේ සමන් කුමාර පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගත්  අතර ශී‍්‍ර ලංකාවේ ඩබ්ලිව්. ඞී. වීරක්කොඩි කාන්තා අර්ධ මැරතන් තරගය ජය ගත්තාය. පැය 1 යි විනාඩි 10 යි තත්පර 03 කින් සමන් කුමාර අර්ධ මැරතන් තරගය නිමා කළ අතර ඩබ්ලිව්. ඞී. වීරක්කොඩි අර්ධ මැරතන් තරගය ජය ගැනීම සඳහා පැය 1 යි විනාඩි 27 යි තත්පර 45 ක කාලයක් ගතවිය.

මෙවර තරගය සඳහා රටවල් 39 ක් නියෝජනය කරමින් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 198 ක් සහභාගී වූ අතර ඒ අතරින් පිරිමි පූර්ණ මැරතන් තරගයේ පළමු ස්ථාන 3 සහ කාන්තා පූර්ණ මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් කෙන්යානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වැඩි ගෞරව දිනාගැනීමට සමත් වූහ.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි දයසේකර මහතාගේ ප‍්‍රධාවත්වයෙන් පැවැති තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර සහ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන මහත්වරු සහභාගී වූහ.

ලංකා ස්පෝට්ස්රයිසන් සමාගම සංවිධාන කළ මෙම මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශී‍්‍ර  ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කළේය.


පිරිමි පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රතිඵල

ඇන්ටනී ඩුංගු මුගු (කෙන්යාව) - 2.23:17
ඇල්බට් කන්ගර් (කෙන්යාව) - 2.24:21
ජොෂප් කරිවුකි (කෙන්යාව) - 2.25:51
උපුල් විජිතකුමාර (ශී‍්‍ර ලංකාව) - 2.26:27
පීටර් කේටර් (කෙන්යාව) - 2.30:08
සම්පත් ගුණසේකර (ශී‍්‍ර ලංකාව) - 2.33:56
කැළුම් ධර්මරත්න (ශී‍්‍ර ලංකාව) - 2.37:54
චමල් පි‍්‍රයන්කර (ශී‍්‍ර ලංකාව) - 2.41:13
සුජීව චන්ද්‍රපාල (ශී‍්‍ර ලංකාව) - 2.45:30
කේ. නවනීදන් (ශී‍්‍ර ලංකාව) - 2.48:28

 

කාන්තා පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1  අනුරාධි බෝගහවත්ත (ශී‍්‍ර ලංකාව) - 3.02:38
2  ඩොර්කාස් ජෙබොටිප් ටරූස් (කෙන්යාව) - 3.09:57
3  එම්. ජී. බුද්ධිකා (ශී‍්‍ර ලංකාව) - 3.33:43
4  එස්. ඞී. හේමන්ති (ශී‍්‍ර ලංකාව) - 3.36:06
5  මල්ලිකා චන්ද්‍රකාන්ති (ශී‍්‍ර ලංකාව) - 3.39:15
6  වයි. එම්. ශ්‍යාමලී (ශී‍්‍ර ලංකාව) - 3.40:46
7  බෙටී බොහානේ (එංගලන්තය) - 4.08:28
8  දිස්නා මල්කාන්ති (ශී‍්‍ර ලංකාව) - 4.14:31
9  ඇලෙක්සැනිඩි‍්‍රයා ටොල්සෙටිකෝවා (රුසියාව) - 4.20:04
10  සීලෙස්ටේ කාර්ඩෙල් (නෙදර්ලන්තය) - 4.48:13

 

පිරිමි අර්ධ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
සමන් කුමාර (ශී‍්‍ර ලංකාව) - 1.10:03
ජේ. බණ්ඩාර (ශී‍්‍ර ලංකාව) - 1.10:33
අජිත් බණ්ඩාර (ශී‍්‍ර ලංකාව) - 1.11:21
පී. කේ. පිගේරා (ශී‍්‍ර ලංකාව) - 1.13:04
ඩිලාන් සඳරුවන් (ශී‍්‍ර ලංකාව) - 1.13:29

 

කාන්තා අර්ධ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1  ඞී. එම්. වීරක්කොඩි (ශී‍්‍ර ලංකාව) - 1.27:45
2  එම්. එස්. කි‍්‍රෂාන්ති (ශී‍්‍ර ලංකාව) - 1.29:00
3  එම්. එච්. මධුෂිකා (ශී‍්‍ර ලංකාව) - 1.29:32
එච්. බී. කරුණානායක (ශී‍්‍ර ලංකාව) - 1.29:59
ඞී. ඊ. කරුණාරත්න (ශී‍්‍ර ලංකාව) - 1.30:33

 

 

15 වැනි එස්. එල්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ළහිරු හර්ෂණ 


අදහස් (0)

කොළඹ මැරතන් තරගය කෙන්යානු රිද්මයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.