Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ මැරතන් තරගයට 6500 ක් එති

කොළඹ මැරතන් තරගයට 6500 ක් එති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 15 වැනි අදියර සඳහා සහභාගීවන මුළු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව ඊයේ (2 වැනිදා) දිනය අවසන් වන විට 6538 දක්වා ඉහළ ගොස්  ඇති බව වාර්තාවේ. ඊට ඇතුළත්ව සිටින විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 198 කි.

කොළඹ බෞද්ධාලේක මාවතෙන් හෙට (4 වැනිදා) පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම, තලාහේන, පිටිපන, දූව පසුකරමින් මීගමුව වෙරළ උද්‍යානයට පැමිණිමෙන් අවසන්වේ.

තරගයේ ප‍්‍රධානම කාණ්ඩය වන විවෘත මැරතන් තරගයේ ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ප‍්‍රවේශපතක් බැගින් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. ත්‍යාග මුදල ශ්‍රී ලංකා රුපියල් තුන් ලක්ෂ හතළිස් පන්දාහක් (345,000) පමණ වේ.

එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද, සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 200 ක් බැගින් පිරිනැමීමට නියමිතය.
 
ඉකුත් වසරේ පැවැති කොළඹ මැරතන් තරගය සඳහා තරගකරුවන් 5126 ක් සහභාගී වූ අතර ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 197 ක් ඇතුළත් වූහ.
 
පැය 2 යි විනාඩි 18 යි තත්පර 33 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ජෙෆ්ර් බර්ජන් එහි පිරිමි තරගය ජයගත්තේය. එවර තරගය අවසන් කළ ප‍්‍රථම කාන්තාව වූයේ කෙන්යාවේ විනිපී‍්‍රඩා ක්වාම්බෝකාය. ඇයට තරගය අවසන් කිරීමට පැය 2 යි විනාඩි 46 යි තත්පර 53 ක කාලයක් ගතවිය.

මෙවර තරගාවලියට චීනය නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 28 ක් සහභාගී වන අතර එය එක් විදෙස් රටකින් තරගාවලියට සහභාගීවන වැඩිම තරගකරුවන් සංඛ්‍යාවද වේ.

ඉන්දියාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 20 ක්ද, ජපානය නියෝජනය කරමින් 20 ක්ද, කෙන්යාව නියෝජනය කරමින් 17 ක්ද, මාලදිවයින නියෝජනය කරමින් 8 ක්ද පරිදි තවත් විදෙස් තරගකරුවෝ රැසක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

මහා බි‍්‍රතාන්‍යය,  ඕස්ටේ‍්‍රලියාව, පාකිස්තානය, කැනඩාව, ඇමරිකාව, ඉතියෝපියාව, ජර්මනිය සහ නවසීලන්තය යන රටවල්ද ඇතුළත්ව මහාද්වීප 5 ම නියෝජනය වන පරිදි රටවල් 39 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගයට සහභාගී වන බව තරග සංවිධායකයෝ පවසති.

තරගයට සහභාගී වන කී‍්‍රඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (3 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා  කී‍්‍රඩා අමාත්‍යංශ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
 
අනිද්දා (5 වැනිදා) දහවල් 12.30 න් පසු අරාධිත අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීම මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.

ලංකා ස්පෝට්රයිසන් සමාගම සංවිධාන කරන මෙම මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලන්කන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි.

 


අදහස් (0)

කොළඹ මැරතන් තරගයට 6500 ක් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.