Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 14 වැනි අදියර සඳහා සහභාගීවන මුළු තරගකරුවන් සහ තරගකාරියන් සංඛ්‍යාව 5100 ඉක්මවා ඇති බව වාර්තාවේ. ඊට ඇතුළත්ව සිටින විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 197 කි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාව අසලින් අනිද්දා (5 වැනිදා) පෙරවරු 6.00 ට ආරම්භ කිරීමට නියමිත මෙම මැරතන් තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇළ අසලින් ඇති මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, ¥ව යන මාර්ග ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානයට පැමිණීමෙන් අවසන්වේ.
තරගයේ ප‍්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 10, 000 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොලොස් ලක්ෂ අසූදහසක් (1, 280, 000) පමණ වේ.
තවද එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 7, 000 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 3, 500 ක් බැගින්ද, පිරිනැමෙන අතර සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1, 000 ක් සහ 750 ක් බැගින් පිරිනැමීමට නියමිතය.
ඉකුත් වසරේ පැවැති මෙම තරගය සඳහා සහභාගීවූ තරගකරුවන් සංඛ්‍යාව 4600 පමණ වූ අතර ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 75 ක් පමණ ඇතුළත් වූහ.
පැය 2 යි විනාඩි 21 යි තත්පර 1 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ඇන්ටනී මූගුන් ඩුංගු එහි පිරිමි තරගය ජයගතතේය. එවර තරගය අවසන් කළ ප‍්‍රථම කාන්තාව වූයේ කෙන්යාවේ ෆරිඩා ටූ ජෙප්කයිට්ය. ඇයට තරගය අවසන් කිරීමට පැය 2 යි විනාඩි 48 යි තත්පර 11 ක කාලයක් ගතවිය.
ඉකුත් වසරේ මෙම තරගය ජයගත් ඇන්ටනී මූගුන් ඩුංගු ඇතුළුව කෙන්යාවෙන් මෙවර තරගය සඳහා සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 60 ක් වන අතර එය එක් රටකින් තරගයට සහභාගීවන වැඩිම විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව ලෙස වාර්තාවේ.
ඊට අමතරව මාලදිවයින නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 42 ක්ද, ජපානය නියෝජනය කරමින් 13 ක්ද, චීනය නියෝජනය කරමින් 11 ක්ද, ඉන්දියාව නියෝජනය කරමින් 10 ක්ද මෙවර තරගයට එක්ව සිටිති.
ඊට අමතරව මහා බි‍්‍රතාන්‍යය, ඕස්ටේ‍්‍රලියාව, පාකිස්තානය, කැනඩාව, ඇමරිකාව, ඉතියෝපියාව, ජර්මනිය සහ නවසීලන්තය යන රටවල්ද ඇතුළත්ව රටවල් 28 කින් මහාද්වීප 5 ම නියෝජනය වන පරිදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගයට සහභාගී වන බව තරග සංවිධායකයෝ පවසති.
තරගයේ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (4 වැනිදා) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු කී‍්‍රඩාංගණය අසලදී පැවැත්වේ.
එදින දහවල් 12.30 න් පසු අරාධිත අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීමද මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
ලංකා ස්පෝට්රයිසන් ප‍්‍රවාහන ඒජන්සිය සංවිධාන කරන මෙම මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.