Last Update  :  2025-04-23 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ ලකුණු 350 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය

කොළඹ ලකුණු 350 ක් පසුපසින්

editorial - 2025 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපරි ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 85 ක් ලබා සිටියේය. 

ඒ අනුව කොළඹ කණ්ඩායම තවත් කඩුලු 9 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 350 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද, ධනංජය ලක්ෂාන් හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.  

ඊයේ (20 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 170 ක් එක්කර ගත්හ. එහිදී දිනේෂ් චන්දිමාල්  (132) ශතකයක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් (72), නිසල තරක (76) සහ දිලුම් සුදීර (66) අර්ධ ශතක ලැබූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධනංජය ලක්ෂාන් කඩුලු 5 ක් බිඳහෙළුවේය. 

 

ගාල්ල පළමු ඉනිම - ඕවර 136.2 කදී සියලු දෙනා දැවී 435 
(දිනෙෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තාරක 76, දිලුම් සුදීර 66, ධනංජය ලක්ෂාන් 99/5) 

කොළඹ පළමු ඉනිම - ඕවර 17.1 කදී කඩුල්ලක් දැවී 85 
(අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 28, ධනංජය ලක්ෂාන් නොදැවී 53) 

-036 


අදහස් (0)

කොළඹ ලකුණු 350 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.