Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගාල්ල මාවල්ස් කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී කොළඹ කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ග්ලේන් පිලිප්ස් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 31 ක්ද, සදීර සමරවික්‍රම පන්දු 12 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ මුහම්මද් වසීම් පන්දු 44 කින් ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. එහිදී ඔහුට අනගි සහායක් දුන් ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට මතීෂ පතිරණ ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. ඕවර 3.5 ක් යැවූ මතීෂ පතිරණ, ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ගාල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා මතීෂට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳහෙළුෑ අතර ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ටිම් සෙයිෆට් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය.
ගාල්ල මාවල්ස් පිල - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 138
(ටිම් සෙයිෆට් 44, සදිෂ රාජපක්ෂ 15, භානුක රාජපක්ෂ 35, මතීෂ පතිරණ 20/4, ශදාබ් ඛාන් 20/2, දුනිත් වෙල්ලාලගේ 30/2)
කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 3 කට 142
(රහ්මනුල්ලා ගුර්බාස් 23, මුහම්මද් වසීම් 50, ග්ලේන් පිලිප්ස් නොදැවී 31, සදීර සමරවික්‍රම නොදැවී 15)
(ඡායාරූප -කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.