Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඩිලේඞ් ටෙස්ට් තරගයේදී මිචෙල් ජොන්සන්ගේ බවුන්සර් පන්දුවක් විරාට් කෝලිගේ හිසේ වැදිමත් සමගම තමන්ගේ හදගැස්ම මොහොතට නතර වූ බව ඔස්ටේ‍්‍රලියානු පිලේ දඟපන්දු ක‍්‍රීඩක නේතන් ලයන් කියයි.
ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිතිකරු පිලිප් හියුස් පන්දුවක් හිසේ වැදීමෙන් මිය යාමෙන් පසුව බවුන්සර් පන්දු යැවීම ලෝකය පුරා කතාබහට ලක්වූ ඉතාමත් සංවේදී කාරණයක් බවට පත්ව තිබේ.
කෝලිගේ හිස්වැසුමේ පන්දුව වැදීමත් සමගම ඕස්ටේ‍්‍රලයානු කී‍්‍රඩකයෝ ඔහු කෙරේ ඉතාම ඉක්මන් මෙන්ම සංවේදී අවධානයක් දැක්වූහ. කෙසේවෙතත් කෝලිට එයින් කිසිදු අනතුරක් නොවූ අතර තෙවන දිනය නිමාවන විට ඉන්දියාව රැුස්කර ගත් ලකුණු 369 න් ලකුණු 115 ක් ලබාගැනීමට කෝලි සමත්විය.
ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක හියුස්ගේ හිසේ පන්දුව වදින අවස්ථාවේදී නිව් සවුත් වේල්ස් ක‍්‍රීඩා පිටියේ සිටි ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කී‍්‍රඩකයන් සිවුදෙනා අතුරින් අයකු වූ ලයන් පැවසූවේ කෝලිගේ හිසේ පන්දුව වැදීමේ සිදුවීම ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ගේ අග හිතල කළ සිදුවීමක් බවයි.
”අපේ හදගැස්ම මොහොතකට නතර වුණා. විශේෂයෙන්ම එදා එතැන හිටපු (නිව් සවුත් වේල්ස් කී‍්‍රඩකයන්) හතර දෙනාගේ”
”මා හැමදෙනා ළගටම ගිහින් ඇහැව්වේ ප‍්‍රශ්නයක් නෑ නේද කියලයි... පිල්ගේ (පිලිප් හියුස්) සිදුවීම වන අවස්ථාවේදී පිට්ටනියේ හිටපු අපි හතර දෙනාට නැවතත් ඒ වගේ සිද්ධියක් දකින්න ඕන නෑ”
”සද්දෙත් එදා වාගෙමයි..ඒ නිසා තමයි ඔහුට අනතුරක් නෑ නේද කියලා දැනගන්න අපි හතර දෙනා මෙලෝ සිහියක් නැතිව කෝලි ල`ගට දුවගෙන ගියේ..” යයි නේතන් ලයන් පැවසීය.
කෝලිට පමණක් නොව ඔහුගේ හිස් ආවරණයට හෝ කිසිදු හානියක් සිදුවී නොතිබිණ. නේතන් ලයන් ඇතුළු කී‍්‍රඩකයන් වඩාත් සතුටු වූයේ එබැවිනි.
කෙසේ වෙතත් මෙම පන්දුව යැවීමෙන් පසු සසළ වූ මිචෙල් ජොන්සන් ආපසු සිය පන්දු යැවීමේ සීමාව කරා යද්දී ඔහු පසුපසින් ගිය ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් සිය වේග පන්දු යවන්නාට සැනසිලි බස් කීවේය.
”හොඳම දේ ඒක තමයි. මොකද හිස් ආවරණයෙන් ආරක්‍ෂාව ලැබෙන බව අප දැන් දන්නවා. ඒ නිසා අපේ වේග පන්දු යවන්නන්ට තවදුරටත් බිය සැකකින් තොරව බවුන්සර් පන්දු යැවිය හැකියි” කී ඕස්ටේ‍්‍රලියානු වමත් දග පන්දු යවන්නා...
”දිවා ආහාරය වෙලාවේ අපි මිචෙල් එක්ක කතා කළා. ඔහු දැන් යථා තත්ත්වයට ඇවිත් ඉන්නේ... ඒ නිසා දෙවැනි ඉනිමේදීත් වෙඩි උණ්ඩ වගේ පන්දු යවන්න ඔහු සූදානම්” යයිද පැවසීය.
මෙම අවස්ථාවේදී විරාට් කෝලි සමගින් පන්දුවට පහර දෙමින් පන්දු යවන්නාගේ අන්තයේ සිටි චෙටේස්වාර් පුජාරා වහාම සිය නායකයා වෙත දිව ගියේය.
”මා ඉස්සරවෙලාම ඔහුගෙන් ඇහැව්වේ ඔහුට කරදරයක් නෑ නේද කියලයි... ඊට පස්සේ අපි හිස් ආවරණය බැලූවා. ඒකටත් හානියක් වෙලා නෑ”
”පස්සේ විරාට් ඒ පන්දුව අමතක කරලා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහුගේ පිතිහරඹය අපේ ඉනිම ගොඩනගන්නත් විශාල ශක්තියක් වුණා” යයි ටෙටේස්වාර් පුජාරා පැවසීය.
මිචෙල් ජොන්සන්ගේ බවුන්සර් පන්දුවක් විරාට් කෝලිගේ හිසේ වැදුණ අයුරු නරඹන්න....
-065
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.