Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විරාට් කෝලිගේ අන්තර්ජාතික තරග වාර්තා බැලූ විට ඔහුට ඉතා තියුණු ඇසක් ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මීට දින කිහිපයකට පෙර ලෝක කුසලාන තරගමාලාවේ තරගයකට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පර්ත් නුවර මර්ඩොක් ඕවල් කී‍්‍රඩාංගණයේදී ඉන්දියාවේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ජස්වින්දර් සිද්ධු සමග ආරවුලක් ඇති කරගත්තේ පෙනුමේ දෝෂයක් නිසා බව කෝලිම කියයි.
පුද්ගලයකු හඳුනා ගැනිමට තරම් පෙනීමේ දෝෂයක් කෝලිට තිබීම කාගෙත් විමතියට කරුණක් විය. එහෙත් එය කෙතරම් දුරට සත්‍යයක්මදැයි කිව හැක්කේ කෝලිටම පමණි.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව දක්වාම දුරදිග ගිය මේ පළහිලව්ව අකා මකා දැමීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට දැඩි අවශ්‍යතාවක් මතුවී තිබිණි. එසේ වූවත් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන් කෝලිට සහය පළකරමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ නොසතුටට හේතුවක් වී තිබේ.
එය අනවබෝධය මත සිදුවූවක් බවත්, කෝලි කිසිදු ආකාරයක අසභ්‍ය වදන් භාවිතා නොකළ බවත් ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු පසුදින ප‍්‍රකාශ කළේය.
මාධ්‍ය කළමණාකරු කියන පරිදි එම සිදුවීමෙන් මොහොතකට පසුව කෝලි අදාළ මාධ්‍යවේදීයා හමුවී සිය කණගාටුව පළකර තිබේ. එහෙත් ඇත්ත තත්ත්වය ඊට වෙනස් බව තතු දන්නෝ කියති.
”මට සමාවෙන්න කියලා මම කිව්වා කියන්න” යයි ජස්වින්දර් සිද්ධු මහතාගේ හිතවතෙකුට කෝලි පැවසූ බව පසුව වාර්තා විය.
කෝලි සහ ජස්වින්දර් සිද්ධු අතර සිදුවීම ඇතිවූයේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව තරග වැදීමට පෙරදිනයේ පර්ත් කී‍්‍රඩාංගණයේදී ඉන්දීය කී‍්‍රඩකයන් පුහුණුවීම්වල නිතරව සිටියදීය. ඒ මොහොතේ කෝලි ඈත සිටම තමා දෙසට දබරැඟිල්ල දිගු කරමින් බැණ වදින ආකාරය දුටු හින්දුස්තාන් ටයිම්ස් නියෝජිතයා මුලින් සිතා ඇත්තේ ඔහු තමා පසුපස සිටින කිසිවකු ඉලක්ක කරමින් ඔහුගේ කෝපය පළකරන බවකි.
ඒ මොහොතේ කෝලි බැණ වදින්නේ ඔහුට බව තමා අසළ සිටි පිරිස විසින් පෙන්වා දෙනු ලැබීමෙන් විමතියට පත් ජස්වින්දර් සිද්ධු මහතා, කෝලිගෙන් ඒ බව අභිනයෙන් විමසා ඇත. එවිට කෝලි හිස සොලවා එය සනාථ කිරීමෙන් වික්ෂිප්ත වූ ඔහුට ඒ කුමන කරුණක් අරභයා ද යන්න වටහාගත නොහැකිවිය.
කෙසේ වෙතත් ඒ මොහොතේ කෝලි සමග සිටි සෙසු කී‍්‍රඩකයන් ද ඔහුගේ මේ හැසිරීමෙන් විමතියට පත්ව සිටි බව පසුදින සිය පුවත්පතට ලිපියක් ලියමින් ජස්වින්දර් සිද්ධු පවසයි.
කෝලි කෙතරම් කෝපයට පත්ව සිටියාද කිවහොත් පුහුණුවීම් පවා අතරමග නවතා නැවත කී‍්‍රඩාගාරයට යාමට තරම් වැඩ සිද්ධ වී තිබිණි.
කෝලිගේ පෙම්වතිය වන බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා හා කෝලි අතර ඇති පෙම් පළහිලව්ව පිළිබඳ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියා ඇත්තේ සිධූ බවට ඇතිකරගත් වැරැදි වැටහීමක් මත මෙය සිදුවූ බව කෝලි පසුව සිය සගයන්ට පවසා තිබේ.
කෙසේ වෙතත් ඒ මොහොතේ ඉන්දීය කණ්ඩායම සමග සිටි ඉන්දීය පිලේ අධ්‍යක්‍ෂ රවී ශාස්ති‍්‍ර මෙම හැසිරීම සම්බන්ධයෙන් කෝලිට තරයේම අවවාද කර තිබේ.
ඉන්දීය පිලේ අනාගත නායකයා ලෙස ඔහු හැසිරුණු ආකාරය ඉතා අසෝබන බවද ශාස්ති‍්‍ර මහතා පෙන්වා දී තිබේ.
නමුත් එය එතැනින් නිමාවට පත්වූ සිදුවිමක් නොවුණු බව පැහැදිලිය. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නව ලේකම් අනුරාග් ඨාකූර් මේ සිදුවීම ගැන තම ආයතනයේ මතය පැහැදිලි කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළේය.
”ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ සිදුවීම සම්බන්ධව ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරීත්වය සමග කටයුතු කරමිනුයි ඉන්නේ.... මෙවැනි සිදුවීම් නැවත නොවීමට වගබලා ගන්නා ලෙස අප ඔවුන්ට උපදෙස් දුන්නා. ඉදිරියේ දී එවැනි හැසිරීම්වලින් තොරව නිරතුරුවම ඉන්දීය කණ්ඩායමේ ගරුත්වය ආරක්ෂා කරගන්නා ලෙස අදාළ කී‍්‍රඩකයාට අප දැනුම් දී තිබෙනවා.” යයි අනුරාග් ඨාකූර් මහතා පවසා තිබේ.
මාධ්‍යවේදීන්ගේ භූමිකාව හඳුනාගැනීමටත්, ඔවුන් හා සුහදත්වයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දෙමින් ඨාකූර් මහතා වැඩිදුරටත් කියා ඇත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජනපි‍්‍රයත්වය වර්ධනය කරමින් කි‍්‍රකට් තරග ආවරණය කිරීමේ මාධ්‍ය කාර්යභාරයට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ගරුකරන බවත්, ඉන්දියාව තුල කි‍්‍රකට් කී‍්‍රඩාව ප‍්‍රචලිත කිරීමට මාධ්‍ය මගින් ලැබෙන සහයට කෘතඥතාව පළකරන බවත්ය.
විරාට් කෝලි සහ බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා අතර ඇති පේ‍්‍රම සම්බන්ධතාව පිළිබඳ මාධ්‍ය අවධානය යොමුවී ඇත්තේ මීට බොහෝ කලෙකට පෙර සිටය. එය හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය ක්ෂේත‍්‍රයේද දැඩි අවධානය යොමුවූ කරුණකි. ඒ පිළිබඳ මීට පෙරද ඕනෑතරම් ලිපි පළවී ඇත.
එබැවින් එය කෝලිට කෝපවීමට තරම් බරපතල සිදුවීමක් නොවන බවද ජස්වින්දර් සිද්ධු මහතා පවසයි.
”ප‍්‍රසිද්ධියේ හැසිරිය යුතු ආකාරය කෝලි ඉගෙන ගතයුතුයි. ඔහුගේ හැසිරීම ජාත්‍යන්තර කී‍්‍රඩකයකුට තරම් නොවේ” යයි ජස්වින්දර් සිද්ධු කියයි.
කතාව ඇත්තය.
කි‍්‍රකට් පිටියේ කුකුල් කේන්තිකාරයකු වන කෝලි මීට පෙරත් ඕනෑතරම් ගැටුම්වලට මැදිවූ කී‍්‍රඩකයෙකි. පිටස්තර පුද්ගලයන් සමග පමණක් නොව ඉන්දීය පිලේ සෙසු සගයන් සමගත් ඔහු වරින් වර මෙසේ ගැටුම් ඇතිකරගත්තේය.
පසුගිය ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරතුර දී ඔහු ශිකාර් ධවාන් සමග කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයේ ඇතිකරගත් ගැටුම ගුටිකෙළියකට යානොදී යාන්තමින් වළක්වා ගතහැකිවූයේ රවී ශාස්ති‍්‍ර මහතා ඊට මැදිහත් වීම හේතුවෙනි.
- විස්ඩන් ඉන්දියා ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.