Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයකදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය.
මේ අතර අද දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8 ක ජයක්
රාගම - ඕවර 9 කදී කඩුලු 5 ක් දැවී 55
කෝල්ට්ස් - ඕවර 3.5 කදී කඩුලු 2 ක් දැවී 59
සී.සී.සී. ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 122
සී.සී.සී. - ඕවර 14.4 කදී කඩුලු 5 ක් දැවී 123
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ලකුණු 57 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 162
නුගේගොඩ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 105
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.