Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (18 වැනිදා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ, පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.
බැංගලෝර් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 7 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තරගාවලියේ අවසන් වටය කෙරෙහි තබා සිටි බලාපොරොත්තු ඉහළ දමාගැනිමටද ඔවුන්ට හැකි විය. කෙසේ වුවත් එම බලාපොරොත්තු සඵල කරගැනීම සඳහා ඔවුන්ට මූලික වටයේ ඉතිරිව ඇති සෙසු තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට කිරීමට සිදුවනු ඇත.
පන්දු 63 කට මුහුණදුන් විරාට් කෝලි (100) සිය 6 වැනි අයි.පී.එල්. ශතකය ලබාගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමගනි. එහිදී වැඩිම අයි.පී.එල්. ශතක ලාභියා ලෙස ක්‍රිස් ගේල් සමග සම තත්වයට පත්වීමටද කෝලිට හැකි විය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ෆෆ් ඩුප්ලෙසි (71) සමග එක්ව පන්දු 107 කදී ලකුණු 172 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කෝලි සමත් වූ අතර පන්දු 47 කට මුහුණදුන් ඩුප්ලෙසි හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හෙන්රි ක්ලාසන් පන්දු 51 කින් ලකුණු 104 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. ඒඩ්න් මාක්‍රම් (18) සමග තෙවැනි කඩුල්ලට ලකුණු 76 ක් සහ හැරී බෘක් (නොදැවී 27) සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 74 ක් එක්කිරීමටද ක්ලාසන් සමත් විය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 186
(ඒඩ්න් මාක්‍රම් 18, හෙන්රිච් ක්ලාසන් 104, හැරී බෘක් නොදැවී 27, මයිකල් බ්‍රාස්වෙල් 13/2)
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19.2 කදී කඩුලු 2 කට 187
(විරාට් කෝලි 100, ෆෆ් ඩුප්ලෙසි 71)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.