Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර්හිදී පැවැති මූලික වටයේ අවසන් තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (21 වැනිද) සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග බැංගලෝර් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් මඟහැරී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් නොදැවී 104 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මෙය පිට පිටම තරග 2 කදී ඔහු ලබාගත් දෙවැනි ශතකයද වූ අතර පන්දු 52 කදී වාර්තා වූ එම ශතකයට හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. විජේ ශංකර් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 123 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිල් සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ ශංකර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් රැස්කළ අතර එහිදී විරාට් කෝලි (නොදැවී 101) සිය 7 වැනි අයි.පී.එල්. ශතකය ලබාගැනීමට සමත් විය. එය කෝලි පිට පිටම ලබාගත් දෙවැනි ශතකයද වූ අතර පන්දු 61 කට මුහුණදුන් ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම අලංකාර කළේය.
එහිදී නායක ෆෆ් ඩුප්ලෙසි (28) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 67 ක් සහ 6 වැනි කඩුල්ල සඳහා අනූජ් රාවට් (නොදැවී 23) සමග එක්ව ලකුණු 64 ක් එක් කිරීමටද කෝලි සමත් විය. මෙම ශතකයත් සමග අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමටද කෝලිට හැකි වූ අතර මින් පෙර ඔහු ශතක 6 ක් ලබා ක්‍රිස් ගේල් සමග සම තත්වයේ පසුවිය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 197
(විරාට් කෝලි නොදැවි 101, ෆෆ් ඩුප්ලෙසි 28, මයිකල් බ්‍රාස්වෙල් 26, අනූජ් රාවට් නොදැවී 23, නූර් අහමඩ් 39/2)
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 4 කට 198
(ශුබ්මන් ගිල් නොදැවී 104, විජේ ශංකර් 53, මොහොමඩ් සිරාජ් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.