Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (31) ආරම්භ වේ. තරගය අබුඩාබි වේලාවෙන් පෙරවරු 10.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය.
අබුඩාබිහිදී අද (30) පස්වරුවේ පැවැති අවසන් පුහුණු සැසියට පෙර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ඩිල්ෂාන්ගෙන් හිස්වූ ආරම්භක පිතිකරු ස්ථානයේ කෞෂාල් සිල්වා ක‍්‍රීඩා කරන බවයි.
”අපි ටෙස්ට් තරගාවලිය පිළිබදව හොද මානසික තත්ත්වයක ඉන්නවා. අපි දන්නවා ඔවුන් සතුව ප‍්‍රබල පන්දු යැවීමේ බලඇනියක් ඉන්නවා, එයට මුහුණ දීමට අපේ හොද පිතිකරු ලැස්තුවක් තියෙනවා, අපේ පන්දු යැවීමේ අංශයත් ඉතාමත් හොදයි. අභියෝගයට මුහුණදීමට අපේ කණ්ඩායම ඉතාමත්ම ශක්තිමත්ව ඉන්නවා”
ආරම්භක පිතිකරුවන් පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ ද පැවසීය.
”කෞෂාල් සිල්වා කියන්නේ ලකුණු අතර සිටින ක‍්‍රීඩකයෙක්, ඔහු දේශිය තරගාවලියේදී පසුගිය කාලේ වැඩි ලකුණු රැස්කළ ක‍්‍රීඩකයා. කෞෂාල් සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස කණ්ඩායමට පැමිණීම වැදගත්. නමුත් ඩිල්ෂාන්ගේ පාඩුව මකා ගැනීම එරම් පහසු වෙන එකක් නෑ. මහේල ජයවර්ධන සහ රංගන හේරත් නැවතත් ක‍්‍රීඩා කරනවා ඒ නිසා අපේ කණ්ඩායමට තවත් ශක්තිමත් වුණා”
ශ‍්‍රී ලංකා අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ වසර කීපයකම ලකුණු අතර වැජඹෙන 27 හැවිරිදි දකුණත් පිතිකරු කෞෂාල් 2011 වසරේ ඩුබායිහිදී ටෙස්ට් වරම් ලැබුව ද මේ දක්වා සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණි.
මෙම තරගාවලියට විශේෂඥ පිට දග පන්දු යවන්නා ලෙස කැදවූ ඩිල්රුවන් පෙරේරා මේ තරගයට ක‍්‍රීඩා කරන්නේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.
”රංගන හේරත් සමග ක‍්‍රීඩා කරන පිට දග පන්දු යවන්නා කවුද කියලා අපි තාම තීරණයටකට ඇවිත් නෑ. ඩිල්රුවන් සහ සචිත‍්‍ර කියන්නේ එකිනෙකට වෙනස් දක්‍ෂ පන්දු යවන්නන් දෙදෙනෙක්, ඔවුන් පුහුණුවීම්වලදී පන්දු යැව්වා. මේ තණතිලි පන්දු යවන්නන්ට එතරම් යෝග්‍ය නෑ. මේ දෙන්නගෙන් කවුද හොද කියලා තෝරා ගැනීමත් ඉතාමත් අමාරු කාර්යක් වෙයි”
”රංගන හේරත් අනිවාර්යෙන්ම ක‍්‍රීඩා කරනවා. සචිත‍්‍ර එක්දින තරග පහේදීම කඩුලූ ලබා ගත්තේ නෑ. නමුත් ඔහු ඉතාමත් අමාරු අවස්ථාවල පන්දු යැවුවා, මට අවශ්‍ය කාර්යය ඔහු කළා කියල මම හිතනවා. ඩිල්රුවන් ඊට වඩා හාත්පසින්ම වෙනස්, පන්දුව දගකවන දක්‍ෂ පන්දු යවන්නෙක්”
හිටපු සුපිරි පිට දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් 2010 වසරේ ජනවාරි මස ටෙස්ට් පිටියෙන් සමු ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලට නිත්‍ය පිට දග පන්දු යවන්නකුගේ සේවයේ දැඩි අඩු පාඩුවක් පවති.
මෙම තරගාවලියට විශේෂඥ පිට දග පන්දු යවන්නකු ලෙස ඩිල්රුවන් පෙරේරා කැදවීමට තේරීම් කමිටුව තීරණය කළේ එම අඩුව පිරවීමේ නව විකල්පයක් ලෙස විය හැකිය. 31 හැවිරිදි ඩිල්රුවන් 2007 වසරේ එක්දින වරම් ලැබීය. ඩිල්රුවන් මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් වංශ කථාවේ 125 වැනි ක‍්‍රීඩකයා ලෙස ටෙස්ට් හිස් වැස්ම පැළදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ නායකයා වන ඩිල්රුවන් පළමු පෙළ තරග 140 කදී කඩුලූ 448 ක් දවාගෙන තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඩිල්රුවන් පසුගිය වසරේ ශ‍්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබීය.
කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සහ කෞෂාල් සිල්වා යන කඩුලූ රකින්නන් තිදෙනා අනිවාර්යෙන්ම ක‍්‍රීඩා කරන්නේ නම් මේ තරගයේදී ප‍්‍රසන්න ජයවර්ධනට අවස්ථාවක් තිබේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පැවසීය.
”ළහිරු තිරිමාන්නගේ ආබාධයත් සමග තමයි මෙය තීරණය වෙන්නේ. අපේ අංක එකේ කඩුලූ රකින්නා ප‍්‍රසන්න ජයවර්ධන, ඔහු නොමැති වුවහොත් චන්දිමාල් කඩුලූ රකිනවා. තිරිමාන්නගේ තත්ත්වය අනුව ප‍්‍රසන්න ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබදව තීරණය ගන්නවා”
”භෞතචිකිත්සකවරයා කියන්නේ තිරිමාන්නගේ ආබාධය ටිකෙන් ටික හොද තත්ත්වයට හැරෙනවා කියලා. තිරිමාන්නට දෙවැනි තරගයට ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා” යැයි ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රවීණතම කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන වසරකට අධික කාලයකට පසුව නැවතත් මෙම සංචාරයට සහභාගි වී සිටියි. 34 හැවිරිදි ප‍්‍රසන්න ටෙස්ට් තරග 52 කදී ශතක හතරක් සමගින් ලකුණු 1900 ක් රැස්කර ඇති අතර උඩ පන්දු 97 ක් සහ ස්ටම්ප් කිරීම් 32 ක් සමගින් දවා ගැනීම් 129 කට දායක වී තිබේ.
එක්දින තරගාවලියට සහභාගි නොවූ මහේල ජයවර්ධන, රංගන හේරත්, ප‍්‍රසන්න ජයවර්ධන, ශාමින්ද එරංග, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් සිල්වා, නුවන් ප‍්‍රදීප් සහ විශ්ව ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයෝ අද පුහුණු සැසියට සහභාගි වූහ.
ශ‍්‍රී ලංකා පිල මාස 9 කට අධික කාලයකට පසුව ටෙස්ට් තරගයකට සහභාගි වීම මෙහිදී කැපී පෙනේ. ශ‍්‍රී ලංකා පිල මේ වසරේ ක‍්‍රීඩා කරන සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගය මෙය වන අතර මේ හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ටෙස්ට් මානසිකත්වයට අනුගතවීමට කාලය අවශ්‍ය වන බව නම් පැහැදිළිය.
ශ‍්‍රී ලංකා පිල අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූයේ මේ වසරේ මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීය.
පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් පැවසුවේ මහේල ජයවර්ධන සහ රංගන හේරත් ප‍්‍රබල ක‍්‍රීඩයන් බවත් ඔවුන් කණ්ඩායමට එකතුවීමත් සමග ටෙස්ට් තරගාවලිය වඩාත් තරගකාරි එකක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
පාකිස්තානු ටෙස්ට් සංචිතයට ප‍්‍රවීණ පිතිකරු යුනිස් ඛාන් ද ඇතුළත්ව සිටින අතර දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ස්ථානය අහිමිවූ ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියේ ශතක තුනක් රැස්කළ මොහොමඞ් හෆීෂ් ද ටෙස්ට් තරගාවලියට කැදවා තිබේ.
මෙම සංචාරයේ විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර පාකිස්තානය එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත් සහ ඩිල්රුවන් ප‍්‍රනාන්දු
පාකිස්තානු ටෙස්ට් සංචිතය:
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ්, අහ්මඞ් ශෙෂාඞ්, කුරාම් මන්ෂූර්, ශාන් මෂුඞ්, අෂාර් අලී, අසාද් ශාෆික්, යුනිස් ඛාන්, අද්නන් අක්මාල්, ජුනයිඞ් ඛාන්, සයිඞ් අජ්මාල්, අබ්¥ර් රෙහෙමාන්, උමාර් ගුල්, රහට් අලී සහ මොහොමඞ් තල්හා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.