Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෞෂාල් සිල්වාගෙන් විශිෂ්ට ශතකයක්

කෞෂාල් සිල්වාගෙන් විශිෂ්ට ශතකයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෞෂාල් සිල්වාගේ (103) විශිෂ්ට ශතකය නිසා සංචාරක නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18) ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 252 ක් රැස්කිරීමට සමත්  විය.
අද පස්වරු 4.40 ට පමණ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට නවසීලන්ත ‘ඒ’ පිල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 31 ක් ලබා සිටියේය.

එක් අන්තයක් ආරක්‍ෂා කරගනමින් සිව්දින තරගයකට සරිලන විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කෞෂාල් සිල්වා පන්දු 235 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 103 ක් රැස්කරමින් තේරීම් කමිටුවට හොඳ පණිවුඩයක් දීමට සමත් විය. මෙය කෞෂාල් සිල්වාගේ 25 වැනි පළමු පෙළ ශතකය ද වේ.

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ලකුණු 49 ක් ලබා සිටි කෞෂාල් සිල්වා අද පළමු පන්දුවටම ලකුණු තුනක් ලබා ගනිමින් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. නවසීලන්ත පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ කෞෂාල් පන්දු 234 කදී ශතකය ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය.

කෞෂාල් සිල්වා සහ අෂාන් ප‍්‍රියංජන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සබඳතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තැබීමට සමත් වූහ. මධුර ලක්මාල් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 26 ක් රැස්කරමින් පසු පෙළ එකම සාර්ථක පිතිකරු බවට පත්විය.

දෙවැනි දිනයේ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලෙස යොවුන් පිතිකරු අෂාන් ප‍්‍රියංජන් පන්දු 57 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී දැවී ගියේය. ටෙස්ට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 8 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.

මහනුවර ප‍්‍රදේශයට අද පෙරවරුවේ පැවැති මද වර්ෂාව හේතුවෙන් පැයයි මිනිත්තු 45 ක් ප‍්‍රමාදවී, පෙරවරු 11.15 ට තරගය ආරම්භ විය. දෙවැනි දිනයේ  ඕවර 83 ක් යැවීමට නියමිතව තිබුණ ද යැවිය හැකි වූයේ  ඕවර 57 ක් පමණි.

දෙවැනි දිනයේ ක‍්‍රීඩාව ආරම්භ කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 115 ක් රැස්කර සිටියේය.
තෙවැනි දිනය වන හෙට (19) පෙරවරු 9.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.

 

ලකුණු පුවරුව


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම

දිමුත් කරුණාරත්න - ඇ. කොලින් මුන්රෝ ප. කොරී ඇන්ඩසන් 29                 
කුසල් ජනිත් - ඇ. ලූක් රොන්චි ප. මාක් ගිලෙප්සි             2
කෞෂාල් සිල්වා - ඇ. ඇඩම් මිල්නේ ප. ඩග් බේස්වෙල්             103                               
දිනේෂ් චනදිමාල් - ක. මූ. කළා ප. මාක් ගිලෙප්සි             6
අෂාන් ප‍්‍රියංජන් - ක. මූ. කළා ප. ඩග් බේස්වෙල්             40
කිත්රුවන් විතානගේ - ඇ. ලූක් රොන්චි ප. කොරි ඇන්ඩසන්     8
චතුරංග ද සිල්වා - ඇ. ඇඩම් මිල්නේ ප. ඉෂ් සෝදි             8
ඩිල්රුවන් පෙරෙරා - ඇ. ඇඩම් මිල්නේ ප. ඉෂ් සෝදි         4
මධුර ලක්මාල් - ඇ. ඩැරල් මිචෙල් ප. ඉෂ් සෝදි            26
විමුක්ති පෙරේරා - නොදැවී                     5
නුවන් ප‍්‍රදීප් - ක. මූ. කළා ප. ඇඩම් මිල්නේ             1
අතිරේක                             20
එකතුව  ඕවර  83.4 කදී සියලූ දෙනා දැවී                     252

කඩුලූ වැටීම:
1-3 (කුසල් ජනිත්), 2-54 (දිමුත් කරුණාරත්න), 3-67 (දිනේෂ් චන්දිමාල්), 4-138 (අෂාන් ප‍්‍රියංජන්), 5-163 (කිත්රුවන් පෙරේරා), 6-185(චතුරංග ද සිල්වා), 7-193(ඩිල්රුවන් පෙරේරා), 8-229 (මධුර ලක්මාල්), 9-247 (කෞෂාල් සිල්වා), 10-252 (නුවන් ප‍්‍රදීප්)

පන්දු යැවීම:
මාක් ගිලෙස්පි: 25-11-52-2, ඩග් බේස්වෙල්: 17-1-54-2, ඇඩම් මිල්නේ : 15.4-0-55-1, ඉෂ් සෝදි: 14-5-34-3, කොරී ඇන්ඩසන්: 9-3-27-2, ටොඞ් ඇස්ටල්: 3-0-18-0


නවසීලන්ත ‘ඒ’ පිල පළමු ඉනිම

කාල් කචෝපා - නොදැවී                        14
ඇන්ටන් ඩෙවිච් - නොදැවී                    11
අතිරේක                                 6
එකතුව  ඕවර 11 කදී කිසිවක නොදැවී                 31

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
ලූක් රොන්ච්, කොරී ඇන්ඩසන්, කොලින් මුන්රෝ, ඩග් බේස්වෙල්, ටොඞ් ඇස්ටල, ඉෂ් සෝදි, මාක් ගිලෙස්පි, ඇඩම් මිල්නේ, ඩර්ලි මිචෙල්

පන්දු යැවීම:
විමුක්ති පෙරේරා: 5-1-14-0, මධුර ලක්මාල්: 2-0-6-0, නුවන් ප‍්‍රදීප්: 3-0-3-0, ඩිල්රුවන් පෙරේරා: 1-0-4-0

 


අදහස් (0)

කෞෂාල් සිල්වාගෙන් විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.