Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ගජබා සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් මස 01 වැනි ඉරිදා උදෑසන 9.00 සිට අනුරාධපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.
තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සුබසාදන කටයුතු සඳහා මුදල් රැස්කිරීමත් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීමත් මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණු වේ.
දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා වන තරග දෙකද ඇතුළත්ව තරග ඉසව් 26 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුළත්වේ.
දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන්ද ඇතුළුව තරගකරුවන් 200 කට අධික ප‍්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා මේ වන විටත් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
ඔවුන්ට අමතරව ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනකුද මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා මහතා පැවසීය.
තරගාවලියේදී වයස අවුරු 10 න් පහළ සහ 13 න් පහළ ළමුන් සඳහාද යතුරුපැදි තරග 2 ක් පැවැත්වෙන අතර ඊට සහභාගීවන සියලූම තරගකරුවන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් මෙහෙයවන ලද තරගාවලි 4 අවසානයේ යතුරුපැදි අංශයෙන් ගයාන් සඳරුවන්ද (ලකුණු 70), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 50) ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති. ෂෙහාන් සී. අධිකාරි (ලකුණු 60) සහ අරවින්ද පේ‍්‍රමදාස (ලකුණු 41) පිළිවෙළින් යතුරුපැදි සහ මෝටර් රථ අංශ වල ගයාන්ට සහ අශාන්ට පසුපසින් රැදීසිටිති.
මෙය ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් සියැට් - ස්ලාඩා ශූරතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන අවසන් මොටෝක්‍රොස් තරගාවලිය බැවින් තරගකරුවන්ට තම පෞද්ගලික ලකුණු ප‍්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා හිමවන අවසන් අවස්ථාවද මෙයයි. මේ වසර සඳහා ඉතිරිව ඇත්තේ කටුක-රුන්ද මෝටර් රථ තරගාවලිය පමණක් වන අතර එය තාර දැමූ සමතල ධාවන පථයක් මත පැවැත්වෙන්නකි.
සම්පත් බැංකුව සහ සියැට් ආයතනය තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කරන අතර කොකාකෝලා සමාගම තරගාවලියේ නිල සිසිල් පැන් සැපයුම්කරුවා ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් ආයතනය වෙතිනි.
සම අනුග‍්‍රාහක සියැට් ආයතනය නියෝජනය කරමින් එහි විකුණුම් සහ අළෙවි උප සභාපති රවී ඩඞ්ලානි මහතා, බි‍්‍රගේඩියර් ඞී. එස්. එන්. කේ. සේනාධීර මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු
සම අනුග‍්‍රාහක සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි වෙළඳ සහ ව්‍යාපාර ප‍්‍රවර්ධන සහකාර සමාන්‍යාධිකාරී තරක රන්වල මහතා, බි‍්‍රගේඩියර් ඞී. එස්. එන්. කේ. සේනාධීර මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු
ඡයාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.