Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගනර් සුපර්ක්‍රොස් අගෝ: 6 මින්නේරියේදී

ගනර් සුපර්ක්‍රොස් අගෝ: 6 මින්නේරියේදී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන අගෝස්තු මස 6 වැනිදා පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා නිර්දේෂ කෙරෙන තරගද සමගින් මෙම තරගාවලිය ඉසව් 24 කින් සමන්විත වන අතර ඊට යතුරුපැදි තරග සහ මෝටර් රථ තරග 12 බැගින් ඇතුළත් වේ.

දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද ඇතුළුව  තරගකරුවන් 150 ක් පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර තරගකාරියන්  දෙදෙනෙක්ද ඊට ඇතුළත්ව සිටිති.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකද,  දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස උෂාන් පෙරේරාද සම්මාන දිනා ගත්හ.  

‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006 සහ 2007 වසර වලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා ගෙන තිබේ. වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසර වලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති.  

කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.

සිංගර් සමාගම නියෝජනය කරමින් එහි අලෙවි හා නිෂ්පාදන කළමානාකාර අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, මේජර් ජනරාල් පී. ඩබ්ලිව්. බී. ජයසුන්දර මහතාට අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අයුරු....

සියැට් සමාගම නියෝජනය කරමින් එහි අලෙවි සහ කළමානාකරණ සහකාර සාමාන්‍යාධිකාරී බි්‍රෂ්රි ලතීෆ් මහතා, මේජර් ජනරාල් පී. ඩබ්ලිව්. බී. ජයසුන්දර මහතාට
අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අයුරු....

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ගනර් සුපර්ක්‍රොස් අගෝ: 6 මින්නේරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.