Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර, තොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී අද (28) නිමාවට පත්වූ 30 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය විසින් දිනාගන්නා ලදී. ගම්පහ දිස්ත්‍රික්කය යොවුන් ක්‍රීඩා සමස්ත ශූරතාව පිට පිටම දිනාගත් සිව්වැනි අවස්ථාව වීම එහිදී කැපී පෙනණුම සිදුවීමයි. මෙවර ගම්පහ කලාපයට මුළු ලකුණු 152 ක් ලැබී මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත අනුශූරතාව හිමිවූයේ ලකුණු 86ක් ලැබූ පුත්තලම දිස්ත්‍රික්කයටයි. කොළඹ දිස්ත්‍රික්කය (66) තෙවැනි ස්ථානය ලැබීය. සිවු දිනක් පුරා තොටවිලදී පැවති 30වැනි යොවුන් ක්‍රීඩා උළෙලේ අවසන් අදියර සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක හා කලාප 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 ක් පමණ සහභාගිවූහ.
මෙම ක්‍රීඩා උළෙලට ආවේනික මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීීඩිකාවන් සිව් දෙනා සඳහා යතුරු පැදිය බැගින් මෙවරත් තිළිණ කෙරුණි. ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 150000 ක්ද හා අනුශූරතාලාභී පුත්තලම දිස්ත්‍රික්කයට රුපියල් ලක්‍ෂයක් ද ප්‍රදානය කෙරුණි.
ගම්පහ දිස්ත්‍රික්කය පසුගිය වසරේදි සමස්ත ශූරතාව හිමිකර ගත්තේ මුළු ලකුණු 116ක් ලබාගනිමිනි. මලල ක්‍රීඩා ශූරතාවලිය වයස 20 න් පහළ හා 20න් ඉහළ පරිදි කාණ්ඩ දෙදකින් පැවැත්වීම යොවුන් ක්‍රීඩා උළෙලේ විශේෂත්වයයි.
මෙවර ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේදී යතුරු පැදි දිනාගත් එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සිව්දෙනා මෙසේය.
(වයස 20න් පහළ):- දක්‍ෂතම ක්‍රීඩකයා:-
අරුන දර්ශන (මාතලේ - මීටර් 200 - තත්පර 21.33 වාර්තාවෙනි), තිමාෂා කුරේ (නාගරික ස්ථානය - තුන්පිම්ම මීටර් 11.26)
(වයස 20න් ඉහළ):- දක්‍ෂතම ක්‍රීඩකයා:-
අමිල ජයසිරි (පුත්තලම - දුර පැනීම - මීටර් 7.23), නදිෂා රාමනායක (හම්බන්තොට - මීටර් 400 - තත්ත්පර 54.52)
සමස්ත උත්සවය සඳහා ආරාධනා ලබා සිටි ආරාධිතයන්ගේ නොපැමිණීමෙන් මාතර, තොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී අද (28) පස්වරුවේදී 30වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත උත්සවය පැවැත්වූයේ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ සඳහා කලින් ආරාධනා ලබා සිටියේ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ යන මහත්වරුන්ය. එහිදී එරන්ද වැලිඅංගගේ මහතා ඊයේ (27) ‘ලංකාදීප’යට පැවසුවේ තමා තවදුරටත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයේ කටයුතු කරන බැවින් ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය සඳහාද අනිවාර්යයෙන් සහභාගි වන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.