Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර මෝටර් ක්‍රොස් තරගවාරයේ සිට ගයාන් සඳරුවන් සහ ෂෙහාන් සී. අධිකාරි ‘හොණ්ඩා’ කණ්ඩායම යටතේද, ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන ‘ටී. වී. එස්.’ කණ්ඩායම යටතේද තරග වැදීම නිසා මේ වන විට එය ‘හොණ්ඩා’ සහ ‘ටී. වී. එස්.’ කණ්ඩායම් දෙක අතර තරගයක් බවටද පත්ව තිබේ.
හොණ්ඩා සමාගම නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක් (ගයාන් සඳරුවන් සහ ශානුක සඳරුවන්ද ෂෙහාන් සී. අධිකාරි සහ ඉමාල් මංචනායකද), යුද හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක් (මිතුන් ජයසංක සිගේරා සහ ළහිරු ජීවන්ත, සමීර පේ‍්‍රමරත්න සහ බුද්ධික සිල්වා), ටී. වී. එස්. සමාගම නියෝජනය කරමින් කණ්ඩායමක් (ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධනද) සහ සියැට් සමාගම නියෝජනය කරමින් ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකිද මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය.
මෝටර් රථ සහ යතුරුපැදි ශූරයන් තෝරාගනු ලබන ප‍්‍රධානතම ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 23 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 11 ක් අන්තර්ගත වේ. තරගාවලියට සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 200 කට අධිකය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 24 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරන අතර එක්සයිඞ්, හොණ්ඩා, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය එහි සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 24 වැනිදා පෙරවරු 9.00 සිට දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පිහිටි නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.