Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියැට් - ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවන් සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) මගින් පවත්වන තරගාවලි 5 න් 2 ක් නිමාවන විට මෝටර් රථ අංශයෙන් දිනේෂ් දෙහෙරගොඩ (ලකුණු 33) සහ යතුරුපැදි අංශයෙන් ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් (ලකුණු 34) ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිති.
අරවින්ද පේ‍්‍රමදාස (ලකුණු 28) සහ ඉෂ්රාක් වහබ් (ලකුණු 23) පිළිවෙළින් මෝටර් රථ අංශයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන අතර පසුගිය වසරේ මෝටර් රථ ජාතික ශූරයා බවට පත්වූ අශාන් සිල්වාට (ලකුණු 21) හිමිවී ඇත්තේ එහි සිව්වැන්නයි.
යතුරුපැදි අංශයේ ප‍්‍රසාද ලකුණු සටහනේ මේ වන විට දෙවැනි ස්ථාන දෙකක් පවතින අතර පසුගිය වසරේ යතුරුපැදි අංශයේ ජාතික ශූරයා බවට පත්වූ ගයාන් සඳරුවන් සහ යොවුන් කී‍්‍රඩක ශෙහාන් සී. අධිකාරි සම ලකුණු ලබා (ලකුණු 29 බැගින්) එම ස්ථානවල රැදී සිටිති.
තරග මාලාවේ තෙවැනි තරගාවලිය වන කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය අනිද්දා (8 වැනිදා) උදෑසන 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිත අතර සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන තරගද සමගින් තරග ඉසව් 23 කින් එය සමන්විත වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව පස්වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් කැලණි සමාගම කටයුතු කරන අතර විජය පුවත්පත් සමාගම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහකයා වශයෙන් කටයුතු කරයි.
කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ පසුගිය වසරේ හොඳම රියදුරා බවට පත්වූ අශාන් සිල්වාට මෙවර තම ශූරතාවය රැකගැනීම සඳහා දිනේෂ් දෙහෙරගොඩ, පසිඳු පීරිස්, අරවින්ද පේ‍්‍රමදාස, ඉෂ්රාක් වහබ්, ජනක ඩයස් වැනි ප‍්‍රබල තරගකරුවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු නොඅනුමානය.
මෙතෙක් පැවැති සීගිරි රැුලි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත්වූ අතර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට දිනේෂ් දෙහෙරගොඩ සමත්විය. ඒ අනුව මෙම තරගාවලියේදී මොවුන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් දැකගත හැකිබව කී‍්‍රඩා විචාරකයන්ගේ මතයයි.
කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වූ ගයාන් සඳරුවන්ට මෙවර අභියෝග කිරීමට සිටින දේශීය කී‍්‍රඩකයන් අතර ෂෙහාන් සී. අධිකාරි ඉදිරියෙන්ම සිටියි.
ටි. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනකු වන කේ. පී. අරවින්ද් සහ හරිත් නෝවාද මේ වන විට තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණ සිටින බැවින් ඔවුන්ගේ පැමිණීම ගයාන්ට තරමක හිසරදයක් වනු ඇත.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් පෙර පැවැති තරගාවලි දෙකට සහභාගී නොවූ ටි. වී. එස්. කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන යොවුන් යතුරුපැදි ධාවක ඉෂාන් දසනායකද මෙම තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර ඔහුගෙන්ද කැපීපෙනෙන දස්කම් බලාපොරොත්තු විය හැකිය.
කෙසේවුවත් සීගිරි රැලි ක්‍රොස් තරගාවලියේ මෙන්ම ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේද දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීමට ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් සමත්ව සිටින බැවින් ගයාන්ට පසුගිය වසරේ ලද ශූරතාව මෙම වසරේදීත් රැක ගනිමින්, ප‍්‍රසාද ලකුණු සටහනේද ඉදිරියට පැමිණීමට නම් මෙහිදී ඉතා උපක‍්‍රමශ්‍රීලී ලෙස සැළසුමකට අනුව තරග වැදීමට සිදුවනු ඇත.
ඡයාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.