Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉකුත් වසර දෙකේදීම (2015-2016) ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක, පිට පිටම තෙවැනි වරටත් එම සම්මානය සතුකර ගැනීමේ අරමුණින් අනිද්දා (6 වැනිදා) මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයට පිවිසීමට සූදානමින් සිටියි.
මේ වසරේදී සහභාගි වූ තරගාවලි 4 කින් 3 කදීම (ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් සහ කමාන්ඩෝ සුපර්ක්‍රොස්) දක්ෂම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ඉෂාන්, මෙම තරගාවලියේදීත් දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට සමත් වුවහොත් එය මේ වසරේදී ඔහු ලබන සිවුවැනි තරගාවලි ජය වනු ඇත.
මෙවර තරගාවලියේදී ඉෂාන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ගයාන් සඳරුවන් හැඳින්විය හැකි අතර ඊට හේතුව වන්නේ මේ වසරේදී අවසන් වරට පැවැති තරගාවලි දෙකේදීම (කැවල්රි සුපර්ක්‍රොස් සහ කමාන්ඩෝ සුපර්ක්‍රොස්) ඉහළ දස්කම් දැක්වීමට ඔහු සමත්ව සිටීමයි.
මෙතෙක් පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි 11 න් 5 කදීම (2004, 2005, 2006, 2007 සහ 2013) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ගයාන්, පිට පිටම වසර 4 කදී එම දස්කම දක්වමින් වාර්තාවක්ද පිහිටුවා ඇත.
ඒ අනුව මෙවර ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී නරඹන්නන්ට ඉෂාන් සහ ගයාන් අතර ඉතා තියුණු තරගයක් දැක බලාගත හැකිය. එහිදී ගයාන්ගෙන් එල්ල වන අභියෝගයට අමතරව මේ වසරේදී අවසන් වරට පැවැති තරගාවලි වලදී ගයාන්ට නොදෙවෙනි දස්කම් දැක්වූ ඉවෝන් බී. ගුරුසිංහගෙන් සහ බුද්ධික කසුන් සිල්වාගෙන් එල්ල වන අභියෝගද ඉෂාන්ට සුලුකොට තැකිය නොහැක.
ඉකුත් වසරේ පැවැති තරගාවලි වලදී කැපී පෙනන දස්කම් දැක්වූ නමුත් මේ වසරේදී පැවැති තරගාවලි වලදී තවමත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත්ව සිටින ෂෙහාන් සී. අධිකාරි සහ ජාක් ගුණවර්ධනද නැවතත් සිය සුපුරුදු දස්කම් දැක්වීමේ අභිලාෂයෙන් මෙම තරගාවලියට එක්ව සිටීමද ඉෂාන්ට තවත් අභියෝගයක් වීමේ ඉඩ කඩ බැහැර කළ නොහැකිය.
දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරාගනු ලබන තරග 2 ද ඇතුළත්ව යතුරුපැදි ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විතය. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 80 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි. තරගාවගියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
|
|
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.