Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය. ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පස්වැනි ජය මෙය විය.
සුපිරි ඕවරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට මහීෂ් තීක්ෂණ යැවූ පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. ඊට වයිඞ් ලකුණු 3 ක්ද ඇතුලත් විය. ලකුණු 7 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම නුවන් තුෂාර යැවූ පන්දු 4 කදී ඉලක්කය පසුකර යමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 72 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන ආවේය.
කෙසේ වුවත් තරගය ජය ගැනීමට ලකුණු 8 ක් අවශ්‍ය වී තිබූ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී හෙන්ඩ්‍රික්ස් දැවී යෑම හේතුවෙන් තත්වය වෙනස් වූ අතර අවසන් ඕවරය යැවූ මහීෂ් තීක්ෂණ එය ලකුණු 7 කට සීමා කරමින් තරගය සුපිරි ඕවරයක් කරා ගෙන ගියේය. ලකුණු 25 ක් ලබා සිටි නායක මොහොමඞ් නබී අවසන් පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසුවීමත් සමග තරගය සමව අවසන් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. එහිදී මොහොමඞ් නබී, දුෂාන් හේමන්ත සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ගාල්ල ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඇලේක්ස් හේල්ස් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 5 ක් සමග ලකුණු 38 ක් ලබාගත් අතර ටිම් සෙයිෆට් පන්දු 29 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
ගාල්ල මාවල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 148
(ඇලෙක්ස් හේල්ස් 38, ටිම් සෙයිෆට් 23, සහන් ආරච්චි 15, ඞ්වේන් ප්‍රිටෝරියස් 16, මොහොමඞ් නබී 14/2, දුෂාන් හේමන්ත 19/2, නුවන් ප්‍රදීප් 42/2)
දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 148
(රීසා හෙන්ඩ්‍රික්ස් 72, ඊබ්‍රහීම් සද්රාන් 30, මොහොමඞ් නබී 25, මහීෂ් තීක්ෂණ 26/3)
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.