Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල මාවල්ස් දෙවැනි අවසන් පූර්ව තරගයට
ලංකා දහයයි-10 ලීගය

ගාල්ල මාවල්ස් දෙවැනි අවසන් පූර්ව තරගයට

editorial - 2024 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර බෝල්ට්ස් කණ්ඩායම සහ ගාල්ල මාවල්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල මාවල්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමටද ගාල්ල කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ ඕවර 8.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ සකීබ් අල් හසන් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.  

ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ භානුක රාජපක්ෂ පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ළහිරු උදාර (19) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද භානුක සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර බෝල්ට්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජෝජ් මන්සේ පන්දු 27 කින් ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. 


මහනුවර බෝල්ට්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 කට 120  
(පැතුම් නිස්සංක 15, දිනේෂ් චන්දිමාල් 30, ජෝජ් මන්සේ 61) 

ගාල්ල මාවල්ස් පිල - ඕවර 8.4 කදී කඩුලු 4 කට 124  
(ඇලෙක්ස් හේල්ස් 16, භානුක රාජපක්ෂ 41, ළහිරු උදාර 19, සකීබ් අල් හසන් නොදැවී 29, චතුරංග ද සිල්වා 06/2) 


අදහස් (0)

ගාල්ල මාවල්ස් දෙවැනි අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.